
හෙට(19) දිනයේදී පැය 13ක කාලයක් ජල සැපයුම මිද්දෙණිය පාර සහ හුලංදුව පාලම ආශ්රිත ප්‍රදේශවලට අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා. එහිදී හෙට පෙරවරු 9.00 සිට එදින රාත්‍රී 10.00 දක්වා අදාළ ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටවනු ලබන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ. ඒ ඇඹිලිපිටිය ජල සම්පාදන ක්‍රමයට අදාළව හුලංදුව පාලම අසල සිදු කිරීමට නියමිත ජල නළ එළීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්. මේ හේතුවෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය කණගාටුව පළ කරනවා. එමෙන්ම, එම කාලය තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ඔවුන් ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
