
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය විසින් අද(18) නව යෝජනාවක් සම්මත කරමින් වයස අවුරුදු 15 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වේදිකාවලට ප්‍රවේශ වීම තහනම් කිරීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම යෝජනාව මගින් වයස අවුරුදු 15ට අඩු දරුවන්ට පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කිරීම හෝ භාවිතා කිරීම තහනම් වනවා. ඒ අනුව,වයස අවුරුදු 15 ත් 16 ත් අතර අයට සීමාවන් සහිතව සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීමට අවසර දෙනු ලැබෙන බව සඳහන්. එවැනි පියවරක් හඳුන්වා දුන් පළමු අරාබි රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත්ව තිබෙනවා. 2024 දී කරන ලද සමීක්ෂණයකට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ළමුන් දිනකට පැය තුනක් පමණ මෙම සමාජ මාධ්‍ය වේදිකාවල ගත කරන බව හෙළි වී තිබෙනවා. විශේෂඥයින් සඳහන් කර ඇත්තේ ළමුන් අතර දිගුකාලීන සමාජ මාධ්‍ය භාවිතය කාංසාව, අවධානය යොමු කිරීමේ දුෂ්කරතා, අධ්‍යයන අරගල සහ ඇතැම් අවස්ථාවල කථන ප්‍රමාදයන් ඇතුළු අභියෝග ඉහළ නංවන බවයි.
