Breaking
වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කෝටි ගණනක වංචා කළ කතක් මාට්ටු
WorldLankadeepa

වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කෝටි ගණනක වංචා කළ කතක් මාට්ටු

June 18, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01එක් කාන්තාවක් වංචාකරණය කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව ප්‍රකාශයි.
  2. 02කාන්තාව විදෙස් ඖෂධ ගෙන්වාගෙන ඇති බව කියයි.
  3. 03ඖෂධයන් වරායෙන් මුදා ගැනීම සඳහා මුදල් අවශ්‍යනම් කියයි.
  4. 04කාන්තාව වෛද්‍යවරියක් ලෙස පෙරළෙන බව රිපෝර්ට් සදහන් කරයි.
  5. 05ඖෂධ භාවිතයට අනුමත නොකළ ප්‍රමිතියකින් තොර බවද අනාවරණය වේ.
  6. 06මුදල් ලබාගෙන සායන පවත්වා ඇති බව වාර්තා වේ.

(චමිලා අල්විස්)

දේශීය හා බටහිර වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් විදෙස් රටවලින් ඖෂධ ගෙන්වා ඇති බව පවසා, එම ඖෂධ කොළඹ වරායෙන් මුදාගැනීම සඳහා මුදල් අවශ්‍ය බව කියමින් රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරිබාව ප්‍රදේශයේ පදිංචිව සිට පසුව හොරණ නිවාස සංකීර්ණයක පදිංචිව සිටි බව කියන 53 හැවිරිදි අවිවාහක කාන්තාවක බව පොලිසිය කියයි.

මෙම කාන්තාව දේශීය හා බටහිර වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් ජනතාවට ඖෂධ ලබාදී ඇති බවත් එම ඖෂධ මෙරට භාවිතය සඳහා අනුමත නොකළ ප්‍රමිතියකින් තොර ඖෂධ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

තවද ඇය වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන සායන පවත්වා ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/වදයවරයක-ලස-පන-සට-කට-ගණනක-වච-කළ-කතක-මටට/101-693715
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
වැංචාඖෂධපොලීසියසායනශ්‍රී ලංකාව
BestWeb.lk Top Web 2026 June Qualified