
(අංජුල මහික වීරරත්න)
වසර එකහමාරක කාලය තුළ තැපැල් සේවාවට 2258 ක් බඳවා ගැනීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
පසුගිය මාස 18 ක කාලය තුළ ශ්‍රී ලංකා තැපැල් සේවාවට 1955 ක් බඳවාගෙන ඇති බවත්, ලබන මස පළමු දින තැපැල් සේවා නිලධාරින් 303 දෙනෙකු බඳවා ගැනීමත් සමග එම සම්පූර්ණ ප්‍රමාණය 2258 ක් වන බව අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ උප තැපැල් කාර්යාල සේවා පද්ධතියේ මානව සම්පත ශක්තිමත් කිරීමට (Human Resource Strengthening) පියවර ගනිමින් දීර්ඝ කාලයක් වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ 192 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම පත්වීම් ප්‍රදානොත්සවය ප්‍රධාන තැපැල් මූලස්ථානයේ දී අද (18) පැවැත්විණි.
