Breaking
කලාවැව කඩවර දේවාලයේ කපුවා කුඩුත් එක්ක මාට්ටු
WorldLankadeepa

කලාවැව කඩවර දේවාලයේ කපුවා කුඩුත් එක්ක මාට්ටු

June 18, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01කලාවැව කඩවර දේවාලයේ ප්‍රධාන කපුවා අත්අඩංගුවට ගෙන තිබේ.
  2. 02අත්අඩංගුවට ගත් භාණ්ඩයන්ගෙන් රුපියල් 24,43,480.00 ක් හෝ අයිස් වර්ගයේ මත්කුඩු කිහිපයක් ඇත.
  3. 03අනුරාධපුරට ආසන්නයේ වූ මෝටර් රථ අනතුරක් සිදුවි.
  4. 04කපුවා මෙම මෝටර් රථයේ ගමන් කර තිබී.
  5. 05පොලිසිය දෙදෙනාටම රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
  6. 06අන්තර්ගතයන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.

(දයාරත්න ඇඹෝගම)

කලාවැව කඩවර දේවාලයේ ප්‍රධාන කපුවා රුපියල් 24,43,480.00 ක් හා අයිස් වර්ගයේ මත්කුඩු ග්‍රැම් 04යි මිලිග්‍රැම් 170ක් සන්තකයේ තබාගෙන සිටියදි අනුරාධපුර, කුම්බිච්චන්කුලම වැව අසල පිහිටි හෝටලයකදි අත්අඩංගුවට ගත්බව කවරක්කුලම පොලිසිය කියයි.

ඉකුත් 14 වන දින කවරක්කුලම පොලිස් වසමේ උණගස්වැව හංදියේදි වේගයෙන් පැමිණි මෝටර් රථයක් විදුලි කණුවක ගැටි සිදුවු අනතුරින් පසුව එහි රියදුරා විසින් මෝටර් රථයද එම ස්ථානයේම අතහැර දමා පලාගොස් තිබුණි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදි මෙම කපුවාද එම මෝටර් රථයේ ගමන් කොට ඇති බවද පොලිසිය පැවසිය.

ඒ සම්බන්ධයෙන් කවරක්කුලම පොලිස් ස්ථානය මගින් විමර්ශන සිදුකර විජිතපුර ප්‍රදේශයේ පදිංචි කලාවැව කඩවර දේවාලයේ 48 හැවිරිදි ප්‍රධාන කපුවාත් විජිතපුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි රියදුරාත් කුම්බිච්චන්කුලම වැව ආසන්නයේ පිහිටි හෝටලයක සැගවි සිටියදි අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගනු ලැබු ප්‍රධාන කපුවා හා රියදුරා අධිකරණයට ඉදිරිපත් කිරිමේන් අනතුරැව මේ මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇති බවත් පොලිසිය පැවසිය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/කලවව-කඩවර-දවලය-කපව-කඩත-එකක-මටට/1-693701
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
පොලිසියඅනතුරුමත්කුඩුඅත්අඩංගුවරක්ෂිත_බන්ධනාගාර
BestWeb.lk Top Web 2026 June Qualified