Breaking
ආසන පටි නැතුව අධිවේගයේ ගියොත් හෙට සිට දඩ
WorldLankadeepa

ආසන පටි නැතුව අධිවේගයේ ගියොත් හෙට සිට දඩ

June 18, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීම අනිවාර්යයි.
  2. 02මෙම පියවර මාර්ග ආරක්ෂණ වැඩපිළිවෙල යටතේ ඇත.
  3. 03දැනුවන් කිරීමේ වැඩසටහන කොට්ටාවේ පැවැත්විණි.
  4. 04අධ්‍යක්ෂණය සමඟ අත්පත්‍රිකා ලබාදෙයි.
  5. 05ආසන පටි නීතිය කඩ කළහොත් දඩ මුදල් පැනවීමට නියමිතයි.
  6. 06අද වන විට 3 මාසක සහන කාලය අවසන් වේ.
  7. 07රුපියල් දහසක් දඩයකට යටත් වේ.

(අංජුල මහික වීරරත්න)

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන්ට සහ මගීන්ට හෙට (19) සිට ආසන පටි පැළඳීම අනිවාර්ය කර ඇත.

ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙල යටතේ මෙම පියවර ගෙන තිබේ.

මේ පිළිබඳ දැනුවන් කිරීමේ වැඩසටහනක් කොට්ටාව අධිවේගී මාර්ග හුවමාරු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

එහිදී අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහන වල රියදුරන් සහ මගී ජනතාවට අත්පත්‍රිකා ලබා දෙමින් ආසන පටි පැළඳීම පිළිබඳවත් මාර්ග ආරක්ෂණ වැඩපිළිවෙල යටතේ 19 වනදා සිට නීතිය බලාත්මක වීම පිළිබඳවත් දැනුවත් කෙරිණ.

අමාත්‍යංශයෙන් මුද්‍රිත "ආදරණීයයන් වෙනුවෙන් Click එකක්" තේමාව සහිත අත් පත්‍රිකා බෙදා දීම මෙහිදී සිදු කෙරිණි.

ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීමට රියැදුරන් සහ මගී ජනතාවට ලබා දී තිබූ මාස 3ක සහන කාලය හෙට අවසන් වන බැවින් ආසන පටි නීතිය කඩ කරන්නන්ට එරෙහිව දඩ මුදල් පැනවීමට නියමිතය.

මේ අනුව ආසන පටි නීතිය කඩකරන රියැදුරන්ට සහ මගීන්ට රුපියල් දහසක දඩ මුදලක් ගෙවීමට සිදු වනු ඇත.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/ආසන-පට-නතව-අධවගය-ගයත-හට-සට-දඩ/1-693692
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
මගී ආරක්ෂාවඅධිවේගී මාර්ගනීතිප්‍රවාහනදඩ
BestWeb.lk Top Web 2026 June Qualified