Breaking
ශානිගේ පත්වීම ගැන බිමල් කළ ප්‍රකාශයට ගාමිණී පියතුමාගෙන් උත්තර
WorldNews19

ශානිගේ පත්වීම ගැන බිමල් කළ ප්‍රකාශයට ගාමිණී පියතුමාගෙන් උත්තර

June 17, 2026·3 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01කතෝලික සභාව රජයෙන් තනතුරු ඉල්ලා නොමැත.
  2. 02බිමල් අමාත්‍යවරයාගේ ප්රකාශය ප්රතික්ෂේප කරන ලදී.
  3. 03පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශන කණ්ඩායම නැවත කැඳවන්නා.
  4. 04ඊබ්‍රාහිම්ගේ නිවාස නිදහස් කිරීමට හේතු සොයා යනාදී.
  5. 05ඇප හිමි වීම නිකුත් කිරීමක් නොවේ.
  6. 06සමාජ මාධ්‍ය තුළ වැරදි පියාසර වාර්තා බොහෝ වේ.
  7. 07අධිකරණය විසින් නිදහස් නොකිරීමේ විමර්ශන තවම පවතිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාව හෝ රවි සෙනෙවිරත්න මහතාව නිශ්චිත තනතුරුවලට පත් කරන ලෙස කාදිනල් හිමිපාණන්වත්, කතෝලික සභාවවත් කිසිදු අවස්ථාවක රජයෙන් ඉල්ලා නැතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමා පවසනවා. පියතුමා සඳහන් කළේ, බිමල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකළ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්, කතෝලික සභාව කිසිදු විටෙක පුද්ගලයන් නම් කර තනතුරු ඉල්ලා නොමැති බවයි. බිමල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අද (17) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිරිල් ගාමිණී පියතුමා මේ බව කියා සිටියා. එහිදී පියතුමන් සඳහන් කළේ, මැතිවරණ ප්‍රචාරක සමයේ සිටම කතෝලික සභාව ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ සිට යහපාලන පාලන කාලය තුළ මෙම විමර්ශන මුල සිටම සිදුකළ මුල් කණ්ඩායම නැවත කැඳවන ලෙස පමණක් බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු එම විමර්ශන කණ්ඩායම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරු කර, ශානි අබේසේකර මහතාව සිරගත කළ බව පෙන්වා දුන් පියතුමා, නැවතුණු තැන සිට විමර්ශන වඩාත් හොඳින් ඉදිරියට රැගෙන යා හැක්කේ එම මුල් කණ්ඩායමට බැවින් ඔවුන්ව නැවත කැඳවන ලෙස පමණක් තමන් ඉල්ලා සිටි බව පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් මෙම විමර්ශන කඩාකප්පල් කිරීමේ අරමුණින් නැවත නැවතත් මෙම අසත්‍ය ප්‍රකාශ උඩට ගන්නා බවද පියතුමා සඳහන් කළා. මේ අතර පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන ව්‍යාපාරික ඊබ්‍රාහිම්ගේ නිවාස සහ දේපළ නිදහස් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී පියතුමාගෙන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරුදෙමින් සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළේ, මරාගෙන මැරුණු බෝම්බකරුවන්ගේ පියා වන ඊබ්‍රාහිම්ට චෝදනා එල්ල වී නඩු පැවරුණේ පසුගිය රජය සමයේදී බවයි. එම නඩුව විභාග වෙමින් පවතිද්දී, ඔහුට ඇප හිමිවූයේ 2022 වර්ෂයේදී, එනම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පැවති සමයේදී අධිකරණය මඟින් බව පියතුමා පැවසුවා. ඇප දීම යනු නිදොස් කොට නිදහස් කිරීමක් නොවන බවත්, එම නඩුව තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතින බවත් සිරිල් ගාමිණී පියතුමා පෙන්වාදුන්නා. එමෙන්ම, දැනට නිදහස් කර ඇති දේපළ ඊබ්‍රාහිම්ගේ නොව ඔහුගේ සහෝදරයෙකුගේ දේපළක් බවත්, එම සහෝදරයා කළ ඉල්ලීමකට අනුව අධිකරණය විසින්ම එම දේපළ නිදහස් කිරීමට තීන්දු කර ඇති බවත් පියතුමා සඳහන් කළා. එබැවින් ඊබ්‍රාහිම්ව නඩුවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කර ඇති බවටත්, රජය විසින් දේපළ නිදහස් කර ඇති බවටත් සමාජ මාධ්‍ය හරහා සිදුකරන ප්‍රකාශයන් පදනම් විරහිත මෙන්ම අධිකරණයට කරන අපහාසයක් බව සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් කියා සිටියා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/father-gaminis-response-to-bimals-statement-regarding-shanis-appointment/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
කතෝලිකපාස්කු ප්‍රහාරයඅධිකරණයඉබ්‍රාහිම්අපරාධ
BestWeb.lk Top Web 2026 June Qualified