Breaking
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42000 ඉක්මවයි..
ScienceNewsfirst

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42000 ඉක්මවයි..

June 17, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ආවර්තික ලෙස ඩෙංගු රෝගීන් 650 ක් පමණ වාර්තා වේ.
  2. 02කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්ක ඩෙංගු සඳහා වැඩි අවදානමයි.
  3. 03ඊඩිස් ඊජිප්ටායි මදුරුවෙකු ඩෙංගු වසංඛ්‍යාව වැඩිකරන්නේ.
  4. 04විරුද්ධයේ දීපව්‍යාප්ත මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මකයි.
  5. 05පොදු ස්ථානවල මදුරු මර්දනයට ප්‍රමුඛත්වය ලබාදේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ, තවදුරටත් දෛනිකව ඩෙංගු රෝගීන් 650 ක් පමණ වාර්තා වන බවයි.

කොළඹ ගම්පහ ගාල්ල මාතර හා රත්නපුර දිස්ත්‍රික්ක ඩෙංගු ව්‍යාප්තිය වැඩි දිස්ත්‍රික්ක ලෙසට හඳුනා ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.

වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ ඩෙංගු වාහක මදුරුවෙකු වන ඊඩිස් ඊජිප්ටායි මදුරු ගහනය ඉහළ යාමද ඩෙංගු රෝගීන් වැඩිවීමට බලපා ඇති බවයි.

පෙර වසරවල වාර්තා නොවූ ඩෙංගු වෛරස් දෙවැනි කාණ්ඩය ව්‍යාප්තිය ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට බලපා ඇති බව වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ ය.

මේ අතර දීපව්‍යාප්ත මදුරු මර්දන වැඩසටහන අද තුන් වැනි දිනටත් ක්‍රියාත්මකයි.

අද දිනයේත් පොදු ස්ථානවල මදුරු මර්දනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/17/වසරේ-මේ-දක්වා-කාලය-ත
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
ඩෙංගුමදුරුවෛද්‍යසෞඛ්‍යඅවදානම
BestWeb.lk Top Web 2026 June Qualified