Breaking
වරුණ ජයසුන්දරගේ පෙත්සම අවසන් – නීතිපතිගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්
WorldNews19

වරුණ ජයසුන්දරගේ පෙත්සම අවසන් – නීතිපතිගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්

June 17, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අවදානමක් නැත.
  2. 02අධිකරණය රිට් පෙත්සමේ විභාගය අවසන් කිරීමට තීන්දු කළා.
  3. 03නීතිපතිවරයා අධිකරණයට පාරම්පරික තත්වය පැහැදිළි කළා.
  4. 04ජාතික පොලිස් කොමිෂන් සභාවට ස්ථාන මාරු කිරීමේ නිර්දේශය යොමු වී ඇත.
  5. 05පෙත්සම්කරුට අත්අඩංගුවට ගැනීමේ කිසිදු තීරණයක් නොමැත.
  6. 06විනිසුරු මඩුල්ලින් නඩු විභාගය අවසන් කිරීම සලස්වන්න.
  7. 07අන්දෝලනාත්මක තත්වයෙන් පසු රිට් පෙත්සම තවදුරටත් පැවැත්වීම අවශ්‍ය නෑ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාව මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව නීතිපතිවරයා අධිකරණයට කරුණු දක්වා ඇති බැවින් ඔහු ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සමේ විභාගය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (17) තීන්දු කළා. මෙම සිදුවීමට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් අපේක්ෂාවෙන් වරුණ ජයසුන්දර මහතා ඉදිරිපත් කළ පෙත්සම, ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (17) කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරු කිරීමට අදාළ නිර්දේශ පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත මේ වන විටත් යොමු කර ඇති බවයි. ඉකුත්දා අධිකරණය විසින් නීතිපතිවරයාට කරන ලද දැනුම්දීමකට අනුව මෙම පියවර ගෙන තිබුණා. මෙම අවස්ථාවේදී පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවට නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ලබාදුන් එම ප්‍රතිඥාව සලකා බැලූ විනිසුරු මඩුල්ල, පවතින තත්ත්වය මත මෙම රිට් පෙත්සම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් එහි ඉදිරි කටයුතු අත්හිටුවන බව ප්‍රකාශ කරමින් නඩු විභාගය අවසන් කළා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/waruna-jayasundaras-petition-has-been-concluded-attorney-general-makes-a-promise-to-the-court/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
පාස්කුරිට් පෙත්සමඅධිකරණයජ්‍යෙෂ්ඨ පොලිස්පතිහදිසිය
BestWeb.lk Top Web 2026 June Qualified