
මහ බැංකු වාර්තාවලට අනුව ලංකා සීනි සමාගම 2025 වසරේදී රුපියල් මිලියන 3,193ක විශාල පාඩුවක් ලබා ඇති බවට මතුවන කරුණු සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශයෙන් වහාම වාර්තාවක් කැඳවීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. දිගින් දිගටම පාඩු ලබන වටපිටාවක සීනි සමාගමේ අලුත් අලෙවිසැල් විවෘත කිරීම සාර්ථකද සහ මෙම කඩාවැටීමට හේතුව කළමනාකරණ දුර්වලතාවයක්ද යන්න පිළිබඳව ඊයේ (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එහිදී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, සීනි සමාගමෙන් ලැබෙන ආදායමෙන් රටේ ණය ගෙවීමට කිසිසේත්ම නොහැකි බවත්, අදාළ ආයතනයට මෙවැනි පාඩුවක් සිදුව ඇත්ද යන්න ඉදිරියේදී ඉලක්කම් සහිතව නිවැරදිව පරීක්ෂා කර බලන බවයි. එම නිශ්චිත ප්‍රශ්නයට අදාළ දත්ත සහ තොරතුරු තමන් සතුව නොමැති බව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියා. කෙසේවෙතත් වත්මන් රජය යටතේ ඇතැම් රාජ්‍ය ආයතන මේ වන විට පාඩුවෙන් ගොඩවිත් ආදායම සහ වියදම සමීකරණය වන මට්ටමට පැමිණ ලාභ ලබන්නට පටන් ගෙන ඇති බව නලින්ද ජයතිස්ස මහතා පෙන්වාදෙනවා. කෙසේවෙතත් “සීනි සමාගමෙන් ලැබෙන ආදායමෙන් රටේ ණය පවා ගෙවිය හැකි තත්ත්වයට ආයතන පත් කරන බවට” මින් පෙර පැවසූ ප්‍රකාශයන් 2025 වසරේ ලැබූ මෙම බරපතළ පාඩුවත් සමඟ ප්‍රායෝගික වී නැත්දැයි මාධ්‍යවේදින් මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, සීනි සමාගමෙන් ලැබෙන ආදායමෙන් රටේ ණය ගෙවිය හැකි බවට කිසිවකු ප්‍රකාශ කර ඇතැයි තමන් නොසිතන බවයි. දුඹුරු සීනි විකුණන්න හඳුන්නෙත්ති වෙනම කඩයක් දාලා දැන් අපිට “Brown Sugar Daddy’ ඇමති කෙනෙක් නුගේගොඩ කඩේ සීනි කිලෝ ලක්ෂ 8 ක් විකුණලා රජය ගෙවා ඇති ණය ප්‍රමාණය ගැන හඳුන්නෙත්ති කියයි
