Breaking
බැසිල් රාජපක්ෂ ගැන අධිකරණයෙන් CIDයට නියෝගයක්
WorldNews19

බැසිල් රාජපක්ෂ ගැන අධිකරණයෙන් CIDයට නියෝගයක්

June 17, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගනු ඇත.
  2. 02අධිකරණයට නඩු ගොනු කිරීමට නියෝගය නිකුත් කරන ලද්දේ.
  3. 032014 දී රුපියල් 7.8 මිලියනක් වැය කර ඇතිවා.
  4. 04මෙම මුදල් සංචාරක ප්‍රවර්ධන මහකාර්යයට යෝජනා නොවේ.
  5. 05විශේෂයෙන්, ටී-ෂර්ට් මිලදී ගැනීමට වැය කර තිබුණා.
  6. 06රජයේ මුදල් භාවිතය සම්බන්ධ අපරාධ පරීක්ෂණයක්.
  7. 07මෙම චෝදනාව මත නඩුව සිදු කරනු ලබයි.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රජයේ මුදල් අවභාවිත කිරීමේ සිදුවීමකට අදාළව, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (17) නියෝග කළා. මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය වෙතයි. මුදල් අවභාවිතයට අදාළ මෙම මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දින අධිකරණය ඉදිරියේ යළි සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා. පසුගිය 2014 වසරේදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වෙත වෙන් කර තිබූ රුපියල් මිලියන 7.8 ක මුදලක් එම කාර්යාංශයේ ප්‍රවර්ධන කටයුතු සඳහා යෙදවීම වෙනුවට, ඌව පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ටී-ෂර්ට් 12,000 ක් මිලදී ගැනීමට වැය කර තිබීම යන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර තිබුණා. රජයේ මුදල් මෙලෙස වෙනත් කාර්යයකට උපයෝගී කරගනිමින් රජයට පාඩු සිදුකිරීමේ චෝදනාව මත මෙම නඩුව සිදු කරනු ලබනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/court-issues-order-to-cid-regarding-basil-rajapaksa/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
නීතිරජයඅමාත්‍යඅපරාධමුදල්
BestWeb.lk Top Web 2026 June Qualified