Breaking
ධවල මන්දිරයට එල්ල වීමට තිබූ ප්‍රහාරය නවතයි
WorldNews19

ධවල මන්දිරයට එල්ල වීමට තිබූ ප්‍රහාරය නවතයි

June 17, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01FBI thwarted a conspiracy targeting UFC event at the White House.
  2. 02Five individuals were arrested related to the plot.
  3. 03Attack planned to use explosive-laden drones against spectators.
  4. 04Targets included high-profile figures attending the event.
  5. 05The attack coincided with Donald Trump's 80th birthday celebration.
  6. 06Details reveal intentions for significant destruction.
  7. 07Foreign media reported on the unfolding investigation.

අමෙරිකාවේ ධවල මන්දිරයේ ඉරිදා පැවති UFC උත්සවය ඉලක්ක කරගත් කුමන්ත්‍රණයක් FBI ආයතනය මගින් ව්‍යර්ථ කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ඊයේ(16) සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. අමෙරිකාවේ පසුගිය ඉරිදා දින ධවල මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ සටන්කාමී තරගාවලියක් ඉලක්ක කරගනිමින් මෙම දරුණු ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් කර තිබෙනවා. කුමන්ත්‍රණකරුවන් විසින් පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන භාවිත කරමින් අදාළ තරඟය නැරඹීමට පැමිණෙන අතිවිශාල ජනතාව ඉලක්ක කරගනිමින් දරුණු ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව හෙළි වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. සැලැස්මේ කොටසක් ලෙස පුපුරණ ද්‍රව්‍ය පිරවූ ඩ්‍රෝන යානාවලින් අසල ගොඩනැගිලිවලට පහර දීම සහ “ඉහළ වටිනාකමක් ඇති ඉලක්ක” වෙත වෙඩි තැබීම ඇතුළත් වූ බවයි නඩු පවරන්නන් චෝදනා කර ඇත්තේ. ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් කර තිබු දිනයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 80 වන උපන්දිනය සැමරුමද යෙදී තිබු බව වාර්තා වනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ එලොන් මස්ක් වැනි කිහිපදෙනෙකු ප්‍රහාරකයින්ගේ ඉලක්කය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/the-attack-on-the-white-house-was-stopped/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
FBIUFCඋත්සවයකුමන්ත්‍රණයප්‍රහාරය
BestWeb.lk Top Web 2026 June Qualified