Breaking
ගිනි අවි සොයා ජොන්ස්ටන්ගේ සුපිරි හෝටලයක් පොලිසිය පීරයි
WorldLankadeepa

ගිනි අවි සොයා ජොන්ස්ටන්ගේ සුපිරි හෝටලයක් පොලිසිය පීරයි

June 17, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ හෝටලයට සෝදිසි මෙහෙයුමක් සිදු කෙරිණි.
  2. 02මෙම මෙහෙයුමට වාසනාවෙන් කිසිදු සැකකටයුතු දෙයක් හමු නොවීය.
  3. 03සෝදිසි වරෙන්තුවක් අනුව මෙහෙයුම ක්‍රියාත්මකයි.
  4. 04පොලිස් නිලධාරීන් 55 කින් මෙහෙයුමට සහය වුණා.
  5. 05හෝටලය තුළ ගිනි අවි සඟවා ඇති බවට කරුණු තිබුණි.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන කොම්පඤ්ඤවීදිය ලීලි වීදියේ සුපිරි හෝටලයක සෝදිසි මෙහෙයුමක් කළ ද සැකකටයුතු කිසිවක් හමු නොවූ බව පානදුර වළාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.

එම හෝටලයේ ගිනි අවි සඟවා ඇති බවට ලද තොරතුරකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව එම මෙහෙයුම සිදු කෙරිණි.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ඇතුළු එම ඒකකයේ කාන්තා නිලධාරිනිටන් ඇතුළු පොලිස් නිලධාරීන් 55 කු එම සෝදිසි මෙහෙයුම සඳහා එක්ව තිබුණි.

පුරා පැය 4 කට ආසන්න කාලයක් එම සෝදිසි මෙහෙයුම මහල් හතරකින් යුත් සුපිරි හෝටලය තුළ ක්‍රියාත්මක කළද ගිනි අවියක් හෝ කිසිදු සැකකටයුතු දෙයක් සොයා ගැනීමට නොහැකි වී ඇත.

අනතුරුව හෝටලයේ කළමනාකරුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/ගන-අව-සය-ජනසටනග-සපර-හටලයක-පලසය-පරය/1-693662
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
සෝදිසිහෝටලයපොලිසියජෝන්ස්ටන් ප්‍රනාන්දුදූෂණ
BestWeb.lk Top Web 2026 June Qualified