Breaking
ගැටුම බේරන්න ගිය පොලිසියට පහරදීලා
WorldLankadeepa

ගැටුම බේරන්න ගිය පොලිසියට පහරදීලා

June 17, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01දිඹුල පතන පොලීසියට පහරදීම හේතුවෙන් 7 දෙනා තුවාල වී ඇත.
  2. 02මංගල උත්සවයකදී ගැටුමක් සිදුවී තිබේ.
  3. 03නැගෙනහිර පළාතේ පොලිසිය පීඩනයට ලැදි තිබේ.
  4. 04දායකයින්ගේ මතභේදයක් ඇතුළුව ගැටුමක් ඇති වීය.
  5. 05පොලිසියට සහය වීම සඳහා අනෙක් නිළධාරීන් පැමිණ ඇත.
  6. 06සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගනු ලැබී ඇත.

(රංජිත් රාජපක්ෂ)

දෙපිරිසක් ඇති වූ ගැටුමක් වැලැක්වීමට ගිය දිඹුල පතන පොලිසියේ පොලිස් නිළධාරින් පිරිකට පහර දීම හේතුවෙන් පොලිසියේ හත් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තලවකැලේ වටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් කොටගල නගරයේ පිහිටි උත්සව ශාලාවක (17) දින විවාහ මංගල උත්සවයක් පවත්වා ඇති අතර, එහිදි එම විවාහ උත්සවයට පැමිණ බීමත්ව සිටි දෙපිරිසක් අතර පස්වරු 4:00ට පමණ ගැටුමක් අති වී ඇත.

එම ගැටුම සමතයකට පත් කිරිමට ගිය පොලිසියේ රාජකාරියේ නියුතු පොලිස් නිළධාරින් දෙදෙනාට එම දෙපිරිසම එකතු වී පහර දී තුවාල සිදු කර ඇත.

එම පොලිස් නිළධාරින් බේරා ගැනීමට දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිළධාරින් පිරිසක් පැමිණ ඇති අතර, එම නිළධාරින්ටද පහර දී ඇති බවත්, එහිදි පහරදීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු දැඩි පරිශ්‍රමයක් දරා දිඹුල පතන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

දිඹුල පතන පොලිසියේ නිළධාරින්ට පහර දෙන බව දුටු කොටගල නගරයේ ප්‍රදේශවාසීන් එම පහර දීමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අල්ලා දිඹුල පතන පොලිසිය වෙත භාර දී ඇත.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ගටම-බරනන-ගය-පලසයට-පහරදල/101-693690
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
පොලිසියගැටුමවිවාහඅප්‍රියතාඅත්අඩංගුව
BestWeb.lk Top Web 2026 June Qualified