Breaking
ආදායම් ඉලක්ක ඉක්මවා ගිය රාජ්‍ය ආයතන මෙන්න
BusinessNews19

ආදායම් ඉලක්ක ඉක්මවා ගිය රාජ්‍ය ආයතන මෙන්න

June 17, 2026·3 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01රජයට මුලින්ම රුපියල් බිලියන 500ක මුදලක් වෙන් කර තිබේ.
  2. 02ජනතාවට සහන සැලසීම සඳහා අයවැය හැකියාවක් ඇති අතර.
  3. 03මුල් මාස 6 තුළ රාජ්‍ය බදු ආදායම් ඉලක්ක ඉක්මවා ගියේය.
  4. 04වර්ෂ 2026 සදහා රජය අපේක්ෂා කරන ආදායම රුපියල් බිලියන 5300කි.
  5. 05ප්‍රීයන්කයේ ඇස්තමේන්තුකිරීම් සීමාවන් ඉක්මවා යාම සාර්ථක වී ඇත.
  6. 06නිවැරදි මූල්‍ය ප්‍රතිපත්ති සහ ජනතා විශ්වාසය අඩංගු වේ.
  7. 07භාෂා තුරුණු ස්ථාවර මූල්‍ය ශක්තියක් නිසා මේ ක්‍රියා කළ හැකි විය.

මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගාසිටුවීම සහ විනාශ වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් බාහිරින් කිසිදු ණයක් ලබා නොගෙන රුපියල් බිලියන 500ක මහා පරිමාණ මුදලක් වෙන් කිරීමට රජයට හැකි වී තිබෙන්නේ වත්මන් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් මුල් මාස 6 තුළ රාජ්‍ය බදු ආදායම් ඉලක්ක සියල්ලම සීමාව ඉක්මවා යාම නිසා බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, වෙන් කරන ලද මෙම මුදල රටේ සමස්ත දළ ජාතික නිෂ්පාදනයෙන් 1.5%කට ආසන්න විශාල අගයක් ගන්නා බවයි. 2026 වසර සඳහා රජය අපේක්ෂා කරන රුපියල් බිලියන 5300ක සමස්ත ආදායම් ඉලක්කය හමුවේ වසරේ මුල් මාස හය තුළ රාජ්‍ය ආදායමේ ප්‍රගතිය පිළිබඳව අද (17) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිශාන්ත ජයවීර මහතා, රජයේ සමස්ත ආදායමෙන් සියයට 93%කට වඩා වැඩි ප්‍රමාණයක් උපයනු ලබන ප්‍රධාන රාජ්‍ය ආයතන 3ම මෙවර ජූනි මාසය වන විට තමන්ට ලබා දී තිබූ ඇස්තමේන්තුගත ආදායම් සීමාවන් සුවිශේෂී ලෙස ඉක්මවා ගොස් ඇති බව සඳහන් කළා. ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජූනි මාසය වන විට අපේක්ෂිත ඇස්තමේන්තුගත ආදායමට වඩා 116%ක ප්‍රගතියක ආදායම් වර්ධනය වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා. එමෙන්ම ශ්‍රී ලංකා රේගුව ජූනි මාසය වන විට ලබාගැනීමට නියමිතව තිබූ ආදායම් සීමාව ඉක්මවා යමින් 124%ක ප්‍රමාණයක් සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තමන්ගේ ජූනි මාසයේ ආදායම් ඉලක්කය සපුරාලමින් 120%ක ඉලක්කගත ප්‍රගතියක් සනිටුහන් කර ඇති බව නිශාන්ත ජයවීර මහතා සඳහන් කළා. ඔහු සඳහන් කළේ, 2025 වසරට පෙර පැවැති කිසිදු රජයක් අයවැය ලේඛන මඟින් ඉදිරිපත් කළ රාජ්‍ය ආදායම් ඇස්තමේන්තු ඉක්මවා යාමට සමත් වී නොමැති බවත්, බොහෝ විට එම ඉලක්කයන් සපුරා ගැනීමට පවා අපොහොසත් වූ බවයි. නමුත් 2025 වසරේදී මෙන්ම 2026 වසරේ මුල් මාස 6 තුළද මෙම සුවිශේෂී ආදායම් වර්ධනයක් අත්කර ගැනීමට හැකි වී තිබෙන්නේ වත්මන් රජය ක්‍රියාත්මක කරන නිවැරදි මූල්‍ය ප්‍රතිපත්තිය සහ බදු ගෙවන ජනතාව තුළ රජය කෙරෙහි ඇති විශ්වාසය ඉහළ යාම හේතුවෙන් බව ඔහු පවසනවා. මෙම ස්ථාවර මූල්‍ය ශක්තිය නිසා, බරපතළ ස්වභාවික ව්‍යසනයක් හමුවේ වුවද පිට රටවලට ණය නොවී ස්වාධීන තීන්දුවක් ගනිමින් ජනතාවට සහන සැලසීමට රජයට හැකි වූ බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/here-are-the-government-institutions-that-exceeded-revenue-targets/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
සහනපනස්අයවැයමූල්‍යජනතා
BestWeb.lk Top Web 2026 June Qualified