
‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව, ප්‍රතිලාභී පවුල් 1,373,248ක් සඳහා රුපියල් 10,904,801,250.00ක (එක්දහස් අනූ කෝටි හතළිස් අට ලක්ෂ එක් දහස් දෙසිය පනහක) මුදලක් හෙට අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කරන බව සඳහන්. මෙම ගෙවීම් කටයුතු සිදු කරනු ලබන්නේ ‘අස්වැසුම’ පළමු අදියරේ ප්‍රතිලාභීන් වෙනුවෙන් පමණක් බවයි මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති / කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා සඳහන් කළේ. ඒ අනුව හෙට සිට අදාළ ප්‍රතිලාභීන්ට තමන්ගේ ‘අස්වැසුම’ බැංකු ගිණුම් හරහා මෙම මුදල් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
