Breaking
අලි ගැටලුවට විසැඳුම් ඉල්ලා අත්තනකඩවල විරෝධයක්
WorldLankadeepa

අලි ගැටලුවට විසැඳුම් ඉල්ලා අත්තනකඩවල විරෝධයක්

June 17, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අලි මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලා විරෝධතාවයක්.
  2. 02ගොවි සංවිධාන 09 ක 300කට ආසන්න පිරිසක් සම්බන්ධ විය.
  3. 03ඇළහැර ප්‍රදේශයේ පූර්ව අලි පහර ගැන පණිවිඩයක්.
  4. 04විරෝධතාවය හේතුවෙන් මාර්ගය පැය තුනක් සන්ධි විය.
  5. 05පොලිස් නිලධාරීන් විසින් සංවිධානයට ප්‍රතිචාරයක් ලබාදීම.
  6. 06විරෝධතාවය එක් මංතීරුවක පමණක් ක්‍රියාත්මක විය.

(නිමල් ජයරත්න)

අලි මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලා ඇළහැර ප්‍රදේශයේ ගොවි සංවිධාන නවයක විශාල පිරිසක් අද දහවල් ගිරිතලයේ බකමූණ ප්‍රධාන මාර්ගය අත්තනකඩවල ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.

අත්තනකඩවල, පොකුණුගල, ඉකිරිවැව, සෑගල, ඇලහැර, කෝට්ටපිටිය, කෝඳුරුවාව, දිග්ගල්පිටිය, මඩුදමන, ඉකිරිවැව යන ගම්මානවල ගොවිසංවිධාන 09 ක ගොවිහු 300 කට ආසන්න පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

ඇළහැර ප්‍රදේශයේ මීට පෙර වන අලි පහරදීමෙන් මිනිස් ජීවිත රැසක් විනාශ වූ අතර දේපල හානි මෙන්ම නිවාස රැසකටද වන අලි විසින් හානි කළහ.

මෙම විරෝධතාවය ඇළහැර ජනතා එකමුතුව විසින් සංවිධානය කර තිබුණි.

මෙම විරෝධතාවය හේතුවෙන් ගිරිතලේ, බකමූණ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට පැය තුනකට ආසන්න කාලයක් බාධා එල්ල වූ අතර, දියබෙදුම පොලිස් ස්ථානාධිපති, කේ.එන්.සී. මධුසංක මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විරෝධතාවය පැවැති ස්ථානයට පැමිණ විරෝධතාකරුවන්ගේ ඉල්ලීමට නිලධාරීන් ගෙන්වා දෙන බවට ලබාදුන් පොරොන්දුවක් සමඟ විරෝධතාවය එක් මංතීරුවක පමණක් ක්‍රියාත්මක කිරීමට ගොවීන් කටයුතු කළහ.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අල-ගටලවට-වසඳම-ඉලල-අතතනකඩවල-වරධයක/1-693687
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
අලිවිරෝධතාවයගොවිහුනිවාසපොලිසිය
BestWeb.lk Top Web 2026 June Qualified