
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ මහතාව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (17) නියෝග කළා. ඒ අනුව සැකකරු වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇපකරුවන් තිදෙනෙකු ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්රාත්වරයා, ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කර තිබෙනවා. අදාළ නඩුව අද (17) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙන්ම සැකකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ අතිරේක මහේස්ත්රාත් ලහිරු සිල්වා මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.
