Breaking
සමාජ මාධ්‍ය කැළඹූ එරාවුර් පහරදීමේ සැකකරුවන් කොටු
WorldNews19

සමාජ මාධ්‍ය කැළඹූ එරාවුර් පහරදීමේ සැකකරුවන් කොටු

June 17, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01එරාවුර් ප්‍රදේශයේ තරුණයකුට පහර දී තිබේ.
  2. 02පහර දීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට.
  3. 03තරුණයාගේ මව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි.
  4. 04පොලිසිය විසින් වීඩියෝ දැක්වීම් සමඟ සැකකරුවන් හඳුනාගනු ලැබේ.
  5. 05පළමු සැකකරු 16 හැවිරිදි තරුණයෙක් සිටි ලිපිනය මීරාකේණි පාර.
  6. 06තාක්ෂණයෙන් පසු, තරුණයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙයි.
  7. 07දෙවන සැකකරුද අත්අඩංගුවට ගන්නා යෙදුමක් ඇත.
  8. 08සිද්ධිය TikTok වීඩියෝවක් හෝ සම්බන්ධ බව වාර්තා වේ.

සමාජ මාධ්‍යයේ මෙම දිනවල සැරිසරන එරාවුර් ප්‍රදේශයේ තරුණයෙකුට පහර දීමට අදාළ සැකකරුවන් දෙදෙනා පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිද්ධියට අදාළ පහර දීමේන් තුවාල ලැබූ තරුණයාගේ මව විසින් එරාවුර් පොලිස් ස්ථානයට නිල වශයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුවයි. ඒ අනුව, වහාම ක්‍රියාත්මක වූ එරාවුර් පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වීඩියෝ දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනා ගනිමින් විමර්ශන ආරම්භ කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් පළමු සැකකරු මීරාකේණි පාර, එරාවුර් ලිපිනයේ පදිංචි 16 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු අත්අඩංගුවට ගෙන එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, ලබන 30 වැනිදා දක්වා කල්මුණේ ළමා රැඳවුම් ඒකකයේ රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කර තිබෙනවා. සිදුවීමට සම්බන්ධ අනෙක් සැකකරු වන එරාවුර්, මිච්චි නගර් ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහුව ද මේ වන විට අත්අඩංගුවට ගෙන අද(17) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරනවා. සිද්ධිය සම්බන්ඳයෙන් එරාවුර් පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. මෙම සිදුවීම එරාවුර්, සදාම් හුසේන් පල්ලිය අසලදී සිදුව ඇති අතර, පාපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකු යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් බලහත්කාරයෙන් සකාත්ග්‍රාමය ප්‍රදේශයේ පාළු ඉඩමකට පැහැරගෙන ගොස් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝව මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරන අතර එම අවස්ථාවේදී එතැන සිටි තවත් පිරිසක් විසින් මෙම සිදුවීම වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා. ගැටුම ඇති වී ඇත්තේ TikTok සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් මත බවයි පොලීසිය සඳහන් කරන්නේ. හරදීමෙන් තුවාල ලැබූ තරුණයා එරාවුර් සහ මඩකලපුව රෝහල්වල දින 03ක් ප්‍රතිකාර ලබා ඇති අතර, සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝව ප්‍රචාරය වීමෙන් පසු වින්දිතයාගේ මව විසින් පසුගිය 15 වැනිදා දින එරාවුර් පොලිස් ස්ථානයට නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/suspects-in-eravur-attack-that-rocked-social-media-arrested/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
එරාවුර්තරුණයෙක්පහරපොලිසියTikTok
BestWeb.lk Top Web 2026 June Qualified