Breaking
පොදු මගී ප්‍රවාහන බස් රථ, භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ, යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ ට්‍රැක්ටර් වැනි ඉඩම් වාහන හැර, පුද්ගලික…
BusinessNews19

පොදු මගී ප්‍රවාහන බස් රථ, භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ, යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ ට්‍රැක්ටර් වැනි ඉඩම් වාහන හැර, පුද්ගලික…

June 17, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01පුද්ගලික කාර් හා ජීප් සඳහා 50% අධිභාරයක් පනවා ඇත.
  2. 02නව රේගු ආඥා පනතක් සකස් කිරීමට කමිටුවක් පිහිටුවී ඇත.
  3. 03නව ස්කෑනර් යන්ත්‍ර මිලදී ගැනීමට අනුමැතිය ලැබී ඇත.
  4. 04භාණ්ඩ ස්කෑනය කිරීමෙන් ප්‍රමාදය අවම කිරීමේ කටයුතු සිදු වේ.
  5. 0550% අධිභාරය මහා වාහන මිලෙන් ජාත්‍යන්තර ඩොලර් ඉල්ලුම පාලනය කිරීමටයි.

පොදු මගී ප්‍රවාහන බස් රථ, භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ, යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ ට්‍රැක්ටර් වැනි ඉඩම් වාහන හැර, පුද්ගලික පරිහරණය සඳහා මෙරටට ආනයනය කරනු ලබන කාර් සහ ජීප් රථ සඳහා පවතින රේගු බද්ද මත 50%ක අධිභාරයක් පනවා ඇතැයි මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසනවා. එමෙන්ම කාලීන හා තාක්ෂණික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සමස්ත රේගු ආඥා පනතම සංශෝධනය කර නව තනි නීතිමය පනතක් කෙටුම්පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. අද (17) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, රේගු බදු ක්‍රමයේ වෙනස්කම් සහ වාහන ආනයන බදු පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මේ බව කියා සිටියා. රේගු ආඥා පනත සංශෝධනය කිරීම පිළිබඳව අදහස් දක්වමින් නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කළේ, වරින් වර සංශෝධනය වූ පැරණි පනත වෙනුවට නවීන ආනයන ක්‍රමවේද සහ තාක්ෂණික දියුණුවට ගැළපෙන නව පනතක් පත් කළ කමිටුවේ නිර්දේශ මත ඉදිරියේදී සකස් කරන බවයි. මීට අමතරව රේගු කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව ස්කෑනර් යන්ත්‍ර මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව ඔහු පැවසුවා. මේ හරහා භාණ්ඩ නැවට පටවන අවස්ථාවේදීම ලිපි ලේඛන නිෂ්කාශනය කර මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරන බවත්, අවදානම් සහිත භාණ්ඩ පමණක් ස්කෑන් පරීක්ෂාවට ලක් කර නිෂ්කාශන ප්‍රමාදයන් හැකි තරම් අවම කිරීමට කටයුතු කරන බවත් නිශාන්ත ජයවීර නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. මේ අතර රේගු තක්සේරු ක්‍රමවේද හේතුවෙන් වාහන මිල ලක්ෂ 7 හමාරත් 20ත් අතර මුදලකින් ඉහළ යා හැකි බවට වාහන ආනයනකරුවන්ගේ සංගමය කරන ප්‍රකාශයන් පදනම් විරහිත බව නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා මෙහිදී පෙන්වාදුන්නා. “තක්සේරුව අඩු වුණා නම් බදු වැඩි වෙන්න විදිහක් නැහැ. මැයි 15 වැනිදා වෙද්දී විශාල වාහන ප්‍රමාණයක් ලංකාවට ආනයනය කර තිබුණා. රට ඇතුළට ගෙනැත් තිබෙන ඒ වාහනවල මිල වැඩි වෙන්න කිසිදු හේතුවක් නැහැ,” යනුවෙන් ඔහු එහිදී සඳහන් කළා. මෙම 50%ක අධිභාරය පැනවූයේ රජයට ආදායම් ලැබීමට නොව, ක්ෂණික ඩොලර් ඉල්ලුම පාලනය කර රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමේ තෙමසක තාවකාලික පියවරක් ලෙස බව අනිල් ජයන්ත මහතා පවසනවා. රජය ආනයන සීමා කිරීමට හෝ ආර්ථික ක්‍රියාවලිය හකුළුවීමට අදහස් නොකරන බවත්, හදිසියේම වාහන ගෙන්වීමට අවශ්‍ය අයට පමණක් මෙම අධිභාරය බලපාන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ව්‍යාපාරිකයන් කලින් ගෙන්වා ඇති වාහනවල මිල මෙලෙස ඉහළ දැමීම සදාචාරසම්පන්න නොවන බව වැඩිදුරටත් සඳහන් කළා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/special-committee-to-amend-the-customs-act-notice-regarding-cars-and-jeeps23/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
රාජ්ය නිලධාරීවාහනරුපියල්සෙවණආනයන
BestWeb.lk Top Web 2026 June Qualified