Breaking
පොලිසියෙන් QR කේතයක්
WorldNews19

පොලිසියෙන් QR කේතයක්

June 17, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ශ්‍රී ලංකා පොලිසිය QR කේත පද්ධතියක් හඳුන්වා දී ඇත.
  2. 02මහජන අදහස්, පැමිණිලි, ප්‍රශංසා ලබා ගැනීම සරලයි.
  3. 03Online Digital Platform එකක් නිර්මාණය කර තිබේ.
  4. 04පුරවැසියන්ට පහසුවෙන් අදහස් ඉදිරිපත් කිරීමට හැකි.
  5. 05QR කේතය භාවිතා කරන්නට පහසුකම් ඇත.
  6. 06පොලිසිය ජනතාව ගවේෂණය කරී.
  7. 07පොලිස් ස්ථානවල QR කේත පුවරු ස්ථාපිත කිරීමට අදහස් ඇත.

ශ්‍රී ලංකා පොලිසිය මඟින් සපයනු ලබන සේවාවන් පිළිබඳ මහජන අදහස්, පැමිණිලි, ප්‍රශංසා සහ යෝජනා ලබා ගැනීම සඳහා නව QR කේත පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා. “Sri Lanka Police Community Feedback Portal” නමින් දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථානවල සේවාවන් සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රතිචාර සෘජුව ලබා ගැනීම සඳහා Online Digital Platform එකක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්. මෙමඟින් පුරවැසියන්ට තම අදහස්, පැමිණිලි, ප්‍රශංසා හෝ යෝජනා පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකි වන අතර, එම තොරතුරු විශ්ලේෂණය කර ජනතාව කේන්ද්‍ර කරගත් වඩාත් කාර්යක්ෂම පොලිස් සේවාවක් සැපයීම මෙහි අරමුණ බවයි පොලිසිය පවසන්නේ. QR කේතය භාවිත කිරීමේදී ජනතාවට අදහස, පැමිණිල්ල, ප්‍රශංසාව හෝ යෝජනාව යන අංශයන්ගෙන් අදාළ විකල්පය තෝරා ගැනීමට හැකි වනවා. අවශ්‍ය නම් පුද්ගලික තොරතුරුද ඇතුළත් කළ හැකියි. එමෙන්ම පොලිස් ස්ථානයට පැමිණි කාරණය, සිද්ධිය හෝ අදහස පිළිබඳ විස්තරද අදාළ පද්ධතියට ඇතුළත් කිරීමට පහසුකම් සලසා තිබෙන අතර රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවියේ E-Services වෙත පිවිස Community Feedback Portal හරහාද මහජනතාවට සිය ප්‍රතිචාර ලබාදිය හැකි බවයි පොලිසිය පවසන්නේ. මෙම සේවාව සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත පැමිණෙන ජනතාව දැනුවත් කරන ලෙසත්, අවශ්‍ය අවස්ථාවලදී එම පහසුකම භාවිත කිරීමට මඟ පෙන්වන ලෙසත් පොලිස්පතිවරයා විසින් සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා. සියලුම පොලිස් ස්ථානවල මහජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථාන වන පිළිගැනීමේ අංශ සහ චෝදනාගාර ආසන්නයේ මෙම QR කේත පුවරු ස්ථාපිත කිරීමට නියමිතයි.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/a-qr-code-from-the-police/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
පොලීසියQR කේතඉදිරිපත් කිරීමජනතාවසේවාවන්
BestWeb.lk Top Web 2026 June Qualified