
අමෙරිකානු අවහිරයන් ඉවත් කිරීමෙන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉරාන තෙල් රැගත් පළමු නෞකාව පිටත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවැති අවහිරතාවලින් පසුවයි. අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් අවසන් කරමින් පසුගියදා නව අවබෝධතා ගිවිසුමකට එළඹීමත් සමඟ මෙම අවහිර කිරීම් ඉවත් කර තිබූ අතර මේ හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ද පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව,ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17) අමෙරිකානු ඩොලර් 80 සීමාවට වඩා පහළ අගයක් ගෙන ඇති අතර, WTI ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 76.28 ආසන්න අගයක් ලෙසත්, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 79.13 ලෙසත්, මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.81ක් දක්වා 7.02%%ක් ලෙසත් පහළ ගොස් ඇති බව දක්නට ලැබෙනවා.
