Breaking
හැකර් ප්‍රහාරයට ‘අපේ අයත්’ සම්බන්ධද කියලා හොයනවා – නලින්ද
WorldNews19

හැකර් ප්‍රහාරයට ‘අපේ අයත්’ සම්බන්ධද කියලා හොයනවා – නලින්ද

June 17, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් සොරකම්
  2. 02අධිකරණයට කරුණු වාර්තා කර ඇත
  3. 03පරිගණක අපරාධ පිළිබඳ විමර්ශනය ආරම්භ කර ඇත
  4. 04විමර්ශන තුළ පුද්ගලයන් හඳුනාගැනීම
  5. 05මිලියන 2.5 මුදල් නැවත ලබාගැනීම සොයා බැලීම

ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලකට හැකර්වරුන් විසින් සිදුකර ඇති බලපෑම සහ එම මූල්‍ය වංචාවට අදාළව මේ වන විට අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අතුරුදන් වූ මුදල්වලට සැබැවින්ම සිදුවූයේ කුමක්ද යන්න සෙවීම සඳහා පරිගණක අපරාධ පිළිබඳ විමර්ශනය කරනු ලබන සියලුම අංශ මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා. අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මෙම මූල්‍ය සාපරාධී ක්‍රියාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශන ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ සිදුකරන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන්නා. ඒ අනුව මෙම හැකර් ප්‍රහාරයට සහ මූල්‍ය වංචාවට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් කවුද යන්න හඳුනාගැනීම, රජයේ හෝ අදාළ ආයතනවල අභ්‍යන්තර නිලධාරීන් කිසිවෙකු මේ සඳහා සම්බන්ධ වී ඇත්ද සහ මෙම අපරාධය සිදු වූයේ කෙසේද යන්න සෙවීම පිළිබඳව විමර්ශන අංශවල අවධානය යොමු වී ඇති බව නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. හැකර්වරුන් සොරකම් කරන ලද එම ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල නැවත ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳව නිරීක්ෂණය කරන බවද ඔහු පැවසුවා. මෙම අහිමි වූ මහජන මුදල් නැවත මෙරටට ලබාගැනීම සහ වංචාවේ සුලමුල සෙවීම සඳහා දැනට දෙපාර්ශ්වයකින් පරීක්ෂණ ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. හැකර් වීඩියෝ එළියට දැම්මොත් හර්ෂ දොට්ට – අජිත් පී.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/investigation-underway-to-determine-if-our-people-were-involved-in-the-hacker-attack-nalinda/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
හකර්මුදල්වංචාවවිමර්ශන
BestWeb.lk Top Web 2026 June Qualified