Breaking
ලංකා-තුර්කි ගුවන් ගිවිසුම සංශෝධනයට
BusinessLankadeepa

ලංකා-තුර්කි ගුවන් ගිවිසුම සංශෝධනයට

June 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ශ්‍රී ලංකාව සහ තුර්කිය ගුවන් සේවා ගිවිසුම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
  2. 02ගුවන් සේවා ගිවිසුම 2008-12-02 දින අත්සන් කර තිබේ.
  3. 03සංශෝධනය සඳහා සාකච්ඡා කළ කාලය 2016-12-07 වේ.
  4. 04එම ගිවිසුමේ 11 වන වගන්තිය සංශෝධනය කල යුතුයි.
  5. 05ගාස්තු රාමුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විය යුතුයි.
  6. 06අමාත්‍ය මණ්ඩලය යෝජනාව අනුමත කර ඇත.

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර අත්සන් කරනු ලැබ ඇති ගුවන් සේවා ගිවිසුම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා රජය සහ තුර්කි රජය ගුවන් සේවා ගිවිසුමකට 2008-12-02 දින අත්සන් තබා ඇත. දෙරට අතර ගුවන් සේවා සඳහා වන නියාමන රාමුව තවදුරටත් වැඩිදියුණු කිරීමටත්, ගුවන් සේවා සබඳතා සමාලෝචනය කිරීමටත්, දෙපාර්ශ්වය විසින් පසුව සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී පවත්නා ගුවන් සේවා ගිවිසුමේ 11 වන වගන්තිය (ගාස්තු) සංශෝධනය කිරීම පිණිස එකඟතාවකට පැමිණ තිබේ.

ඒ සඳහා වන සාකච්ඡා සටහනට දෙපාර්ශ්වය විසින් 2016-12-07 දින අත්සන් තබා ඇත. එම ගිවිසුමේ යෝජිත සංශෝධනය සඳහා සකස් කරනු ලැබ ඇති කෙටුම්පතට නීතිපතිගේ අවසරය ලැබී තිබේ.

ඒ අනුව, පවතින ගුවන් සේවා ගිවිසුමේ ගාස්තු රාමුව ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර දැනට පවත්නා ගුවන් සේවා ගිවිසුම සඳහා වන යෝජිත සංශෝධනයට අත්සන් තැබීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ලක-තරක-ගවන-ගවසම-සශධනයට/101-693639
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ගුවන් සේවාඅත්සන්සංශෝධනයශ්‍රී ලංකාදීර්ඝකාලීන
BestWeb.lk Top Web 2026 June Qualified