Breaking
බදුල්ල – හාලිඇළ මාර්ගයේ කොටසක් වැඩිදියුණු කිරීමට අනුමැතිය
WorldNews19

බදුල්ල – හාලිඇළ මාර්ගයේ කොටසක් වැඩිදියුණු කිරීමට අනුමැතිය

June 16, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01බදුල්ල – වෙන් කලාඩි මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක්.
  2. 02ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඔපෙක් සහ සෞදි අරමුදල් එක් වේ.
  3. 03අම්පාර – උහන – මහඔය මාර්ගය සඳහා ණය ඉතිරියක් අවශ්‍යය.
  4. 04සියළු වසර 15 ක විකාශනයට රුපියල් මිලියන 600 ප්‍රතිසංස්කරණය.
  5. 05දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග කොටසක් ප්‍රතිසංස්කරණය වේ.
  6. 06අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිත යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

බදුල්ල – වෙන් කලාඩි මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) සහ සෞදි සංවර්ධන අරමුදල (SFD) ඒකාබද්ධව අරමුදල් සපයනු ලබනවා. සෞදි සංවර්ධන අරමුදලේ ණය මුදල් මඟින් ක්‍රියාත්මක අම්පාර – උහන – මහඔය මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.4ක ණය ඉතිරියක් අපේක්ෂා කරනු ලබයි. එලෙස එම ඉතිරි ණය මුදල භාවිත කරමින්, වසර 15 කට වැඩි කාලයක් භාවිත කරනු ලැබ ඇති සහ දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ කිලෝමීටර 1.5ක පමණ මාර්ග කොටසක් (කිලෝමීටර 119+620 සිට කිලෝමීටර 121+200 දක්වා) ප්‍රතිසංස්කරණය කිරීම ද ඇතුළුව, පේරාදෙණිය – බදුල්ල – චෙන්කලාඩි මාර්ගයේ (A05) බදුල්ල – හාලි ඇළ මාර්ගයේ කිලෝමීටර 06 ක කොටසක් (කිලෝමීටර 115 සිට කිලෝමීටර 121 දක්වා) රුපියල් මිලියන 600ක ඇස්තමේන්තු පිරිවැයක් යටතේ පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.‍

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/approval-to-improve-a-section-of-the-badulla-hailiela-road/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
මාර්ග සංවර්ධනසංවර්ධනඔපෙක්සෞදි
BestWeb.lk Top Web 2026 June Qualified