
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ රැසක ජල සැපයුම තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා. ඒ අත්තනගල්ල කරස්නාගල පිහිටි ජල පිරිපහදු මධ්‍යස්ථානයේ සිදුකරනු ලබන හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්. මෙම ජල කප්පාදුව අද (16) උදෑසන 8.00 සිට ක්‍රියාත්මක වන අතර හෙට අලුයම 3.00 දක්වා පැය 19 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. මේ අනුව පහත සඳහන් ප්‍රදේශ සහ ඒ අවට කලාප වෙත ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ගම්පහ මහනගර සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වැලිවේරිය, බැලුම්මහර සහ රතුපස්වල මිනුවන්ගොඩ, අස්ගිරිය, උඩුගම්පළ සහ ඕපාත මීට අමතරව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරන පරිදි පහත ප්රදේශවලටද මෙම ජල කප්පාදුව බලපානු ඇති. රන්පොකුණුගම නිවාස යෝජනා ක්‍රමය ඌරාපොල, අත්තනගල්ල, බටලීය සහ වතුපිටිවල නිට්ටඹුව, වේයන්ගොඩ සහ කලගෙඩිහේන තිහාරිය, නයිවල සහ ඒ අවට ප්‍රදේශ
