Breaking
දිවයිනේ ඩෙංගු අවදානම සීඝ්‍රයෙන් ඉහළට - සෞඛ්‍ය අංශ
ScienceNewsfirst

දිවයිනේ ඩෙංගු අවදානම සීඝ්‍රයෙන් ඉහළට - සෞඛ්‍ය අංශ

June 16, 2026·2 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ශ‍්‍රී ලංකාව පුරා ඩෙංගු අවදානම් සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස 70 ක් හඳුනාගෙන ඇත.
  2. 02බියගම, මාතර, රත්නපුර කැපීපෙනේ.
  3. 03මෙම ප්‍රදේශවල ජනාංසය විමසිලිමත් විය යුතුය.
  4. 04අද දිනයේදී මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක වේ.
  5. 05වසර පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 41,925 ක්.
  6. 06ඩෙංගු මරණ සංඛ්‍යාව 24 ක් වාර්තාවේ.
  7. 07ඉදිරි මාසය තුළ රෝගීන්ගෙන් ඉහළ යා හැකි බවක් දැනුම් දෙයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, මේ වන විට දිවයින පුරා ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 70 ක් හඳුනා ගෙන ඇති බවයි.

බියගම, මාතර සහ රත්නපුර මහනගර සභා බල ප්‍රදේශ,කඩුවෙල,මහරගම,පිළියන්දල සහ මොරටුව වැඩිම ඩෙංගු අවධානමක් ඇති බල ප්‍රදේශ ලෙස හඳුනා ගෙන ඇතැයි ඔහු සඳහන් කළේ ය.

මෙම තත්ත්තවය හේතුවෙන් එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඉතාම විමසිලිමත් විය යුතු බවද, ඔහු සඳහන් කළේ ය.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන්, 41,925 ක් වාර්තා වේ.

අදාළ කාලසීමාවේ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව, 24 ක්.

ඉදිරි මාසය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කළේ ය.

මේ අතර දීප ව්‍යාප්ත ක්‍රියාත්මක විශේෂ මදුරු මර්දන සතියේ දෙවන දිනය අදයි.

ඩෙංගු රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ මෙම විශේෂ මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයයි.

සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය සඳහා මහජන සහාය අපේක්ෂා කරන බව, අමාත්‍ය චන්දන අබේරත්න පැවසීය.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/16/දිවයිනේ-ඩෙංගු-අවදානම
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
ඩෙංගුසෞඛ්‍යමදුරු මර්දනරෝගීන්ජලය
BestWeb.lk Top Web 2026 June Qualified