Breaking
දිට්වා වැනසූ පූජනීය තැන් හදන්න මිලියන 129.69ක්
WorldLankadeepa

දිට්වා වැනසූ පූජනීය තැන් හදන්න මිලියන 129.69ක්

June 16, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01දිට්වා ආපදාවෙන් බලපෑමට ලක් වූ පුජනීය ස්ථාන යළි ගොඩනැංවීමේ වැඩසටහනට අනුමැතිය ලැබී ඇත.
  2. 02බෞද්ධ, හින්දු, මුස්ලිම්, සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන බලපෑමට ලක්ව ඇති.
  3. 03මුලු ආපදාවන් ගණන: 1328 ක් වන අතර, 758 බෞද්ධ විහාරස්ථාන වේ.
  4. 04ස්ථාන 178 ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත.
  5. 05ඉතිරි 90 පූජනීය ස්ථාන සඳහා අරමුදල් සහ යෝජනාවන් සක්‍රීය කර ඇත.
  6. 06රටපුරා රුපියල් මිලියන 800 ක අරමුදල් යොදා ගැනීම.
  7. 07නිකුත් වූ චක්‍රලේඛ විධි විධාන මත කටයුතු.
  8. 08අමාත්‍යාංශය විසින් යෝජනාව අනුමත කරන ලදී.

(අංජුල මහික වීරරත්න)

'දිට්වා' ආපදාවෙන් බලපෑමට ලක් වූ පුජනීය ස්ථාන යළි ගොඩනැංවීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

'දිට්වා' ආපදා තත්ත්වය හේතුවෙන් බෞද්ධ විහාරස්ථාන 758 ක්, හින්දු ආගමික ස්ථාන 272ක්, මුස්ලිම් ආගමික ස්ථාන 199 ක් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන 99ක් විවිධ ආපදාවන්ට ලක්ව ඇති බව වාර්තා වී ඇත.

2026-04-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි වෙන් කරන ලද රුපියල් මිලියන 200ක් ඇතුළුව බුද්ධ ශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල හා අනගාරික ධර්මපාල පදනම විසින් යොදවන ලද රුපියල් මිලියන 800 ක අරමුදල් භාවිත කරමින් මේ වන විට එම පූජනීය ස්ථාන අතරින් පුජනීය ස්ථාන 178ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට පියවර ගනු ලැබ තිබේ. ඉතිරි පුජනීය ස්ථාන අතරින් තවත් පුජනීය ස්ථාන 90 ක් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති අංක 01/2026 දරන චක්‍රලේඛ විධි විධාන වලට යටත්ව, රුපියල් මිලියන 129.69 ක ප්‍රතිපාදන යොදා ගනිමින් ප්‍රතිසංස්කරණය කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/දටව-වනස-පජනය-තන-හදනන-මලයන-129-69ක/101-693644
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
දිට්වාඅපදාපූජනීය ස්ථානමහණ්ඩලයඅරමුදල්
BestWeb.lk Top Web 2026 June Qualified