Breaking
ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ බලාගාරයට යයි
BusinessLankadeepa

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ බලාගාරයට යයි

June 16, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 012009 සිට 2023 දක්වා ගල් අඟුරු ආනයනය පිළිබඳ විමර්ශනය.
  2. 02ජනාධිපති කොමිෂන් සභාව පත් කර ඇති අයුර.
  3. 03ඩී.වී. බන්දුලසේන ලක්විජය බලාගාරයේ නිරීක්ෂණය.
  4. 04විදුලිය ජනනයේ ගල් අඟුරු ක්‍රියාවලියක් පරීක්ෂණය.
  5. 05නියැදි සාම්පල ලබා ගැනීමේ ක්‍රියාවලිය විමර්ශනය.
  6. 06රජයට අයත් සමාගම විසින් ආනයනයේ අක්‍රමිකතා පරීක්ෂා කිරීම.
  7. 07ජනාධිපතිට අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වය.
  8. 08ාසින් 16 වන දිනයෙන් පසුව ප්‍රථම පිළිවෙත්තක්.

(අංජුල මහික වීරරත්න)

2009 වසරේ සිට මේ දක්වා කාලසීමාවේදී ගල් අඟුරු ආනයනයේදී සිදු වු බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් ඩී.වී. බන්දුලසේන මහතා ඇතුළු විමර්ශන නිලධාරීහු නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නිරීක්ෂණය කළහ

මෙහිදී සිදුකළ ස්ථානීය පරීක්ෂාවේදී ගල් අඟුරු ගොඩබෑමේ සිට ගල් අඟුරු මගින් විදුලිය ජනනය කරන තෙක් වන සම්පූර්ණ ක්‍රියාවලිය නිරීක්ෂණය කරන ලද අතර, ගල් අඟුරු ගොඩබෑම, ගබඩා කර තැබීම, අහඹු නියැදි සාම්පල ලබා ගැනීම, නියැදි පරීක්ෂණය හා ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ආදී කාර්යයන් පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට මෙම අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාවේ රජයට අයත් සී/ස ගල්අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයින් මඟින් ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබ ඇත.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/ගල-අඟර-කමසම-නරචචල-බලගරයට-යය/1-693627
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ගල් අඟුරුවිදුලියශ්‍රී ලංකාවජනාධිපතිපරීක්ෂණ
BestWeb.lk Top Web 2026 June Qualified