Breaking
ගම්පහ ප්‍රදේශ රැසකට අද පැය 19ක ජල කප්පාදුවක්....
WorldNewsfirst

ගම්පහ ප්‍රදේශ රැසකට අද පැය 19ක ජල කප්පාදුවක්....

June 16, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01මිනුවන්ගොඩ, අස්ගිරිය, උඩුගම්පොල ආශ්‍රිත ජල සැපයුම අත්හිටුවයි.
  2. 02ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශයට ජල කප්පාදුවක්.
  3. 03මාහරගම, සිවුරලුමුල්ල, කිරිකිත්ත වලටද ජල සැපයුම අත්හිටුවයි.
  4. 04රන්පොකුණ ගම අවට ප්‍රදේශ ඔස්සේ ජලය අත්හිටුවෙයි.
  5. 05අත්තනගල්ල, කරස්නාගලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජලය අත්හිටුවයි.

එම මණ්ඩලය පැවසුවේ ඒ අනුව මිනුවන්ගොඩ , අස්ගිරිය , උඩුගම්පොල, ඕපාත සහ ඒ අවට ප්‍රදේශ, ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශය , ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ,වැලිවේරිය, බැලුම්මහර, රත්පස්වල හා ඒ අවට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

ඊට අමතරව මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මාහරගම , සිවුරලුමුල්ල , කිරිකිත්ත ,කිනිගම ,ඇටිකෙහෙල්ගල්ල සහ ඒ අවට ප්‍රදේශවලටද ජල කප්පාදුව සිදුවන බව සඳහන්.

රන්පොකුණ ගම නිවාස යෝජනා ක්‍රමය ඌරාපොළ, අත්තනගල්ල, බටලීය, වතුපිටිවල ඒ අවට ප්‍රදේශ සහ නිට්ටඹුව, වේයන්ගොඩ, කලගෙඩිහේන , තිහාරිය , නයිවල හා ඒ අවට ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පැවසුවේය.

අත්තනගල්ල, කරස්නාගල ජල පිරිපහදු ඒකකයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/16/ගම්පහ-ප්‍රදේශ-රැසකට
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
ජල සැපයුමකප්පාදුම්ගම්පහප්‍රාදේශීය
BestWeb.lk Top Web 2026 June Qualified