Breaking
කුඩ්ඩන්, හොරුන් රජ කරන කළුතර රෝහල
ScienceLankadeepa

කුඩ්ඩන්, හොරුන් රජ කරන කළුතර රෝහල

June 16, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01කළුතර ශික්ෂණ රෝහලේ සොරකම් ඉහලයාම වේ.
  2. 02රෝහලේ නිවසේ මැදදී දේපළ හා වෛද්‍ය උපකරණ සොරනවා.
  3. 03ආරෝග්‍ය සේවකයන්ගේ විවේක කාමරවලද සොරකම් විශාලයි.
  4. 04විදුලි උපකරණ සහ මුදල් සොරා ගැනීමේ නව පියවර.
  5. 05පොලිසියට පැමිණිලි කර ඇති වෙයි.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර ශික්ෂණ රෝහල තුළ දිනෙන් දින සොරකම් හා අක්‍රමිතා ඉහළ යාම හේතුවෙන් දේපළ ආරක්ෂා කර ගැනීම දැඩි ගැටලුවක් වී ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට රෝහල් පොලිස් මුරපොළේ රූපවාහිනි යන්ත්‍රයක් විදුලි උපකරණ , පුටු වැනි දේපළ මෙන්ම වෛද්‍යවරුන්ගේ, වෛද්‍ය සිසුන්ගේ, නේවාසික රෝගීන්ගේ, සායන සඳහා පැමිණෙන රෝගීන්ගේ, මුදල්, රන් ආභරණ ඇතුළු දේපළ සොරාගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතැම් පුද්ගලයන් වෛද්‍යවරුන්ගේ වෙස් ගෙන රෝගීන් රවටා ස්කෑන් කිරීමට රැගෙන යන බව පවසා පාළු කාමරයකට රැගෙන ගොස් ඉතා සූක්‍ෂම අයුරින් පැළඳගෙන සිටින රන් භාණ්ඩ කොල්ලකෑම , සායන ගොඩනැගිල්ලේ සායන පෝලිම්වල රැඳී සිටින රෝගීන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකථන සොරා ගැනීම, නේවාසික රෝගීන්ගේ බෑග් මුදල් පසුම්බි ජංගම දුරකථන සොරාගැනීම , වෛද්‍යවරුන්ගේ හා වෛද්‍ය සිසුන්ගේ විවේක කාමරවල තිබෙන දේපළ සොරා ගැනීම, වාට්ටුවක තිබූ ලැෆ් ටොෆ් පරිගණකයන්ත්‍රයක් සහ වෙද නලාවක් සොරකම් කිරීම, එම සොරකම් අතර කීපයක් බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මුළු රෝහලටම විදුලිය ලබාදෙන විදුලි ජනන යන්ත්‍රයේ ද භූගත විදුලි රැහැන් කපා සොරකම් කිරීම, ප්‍රමිතියේ ගැටලුවක් හේතුවෙන් ඉදිකිරීම් අතරමග නවතා තිබූ ගොඩනැගිල්ලේ විදුලි වයර් විදුලි පහන් ඇතුළු වටිනා උපකරණ සොරකම් කිරීම මෙන්ම කාර්යමණ්ඩල විවේක කාමරවල දේපළ සොරා ගැනීම් ද ඉහළ ගොස් ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

මේ පිළිබඳ කළුතර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මධුභාෂිනි කරුණාරත්න මහත්මියගෙන් විමසීමේදී මෙසේ පැවසුවාය

ඔවු එහෙම දෙයක් වෙනවා. මේ කුඩුකාරයෝ කොහෙන් හරි ඇතුලට ඇවිල්ලා ඒ වගේ හොරකම් කරනවා. ඒ සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල පොලිසියට පැමිණිලි කරලා පියවර අරගෙන තියෙනවා.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/කඩඩන-හරන-රජ-කරන-කළතර-රහල/1-693649
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
සොරකම්රුගහිතකළුතරරෝහල්ආරෝග්‍ය
BestWeb.lk Top Web 2026 June Qualified