Breaking
ලෝකයේ සිදුවන කාලගුණික වෙනස්කම් පිළිබඳව මුලින්ම ප්‍රකාශ කළ හැකි විපක්ෂ නායකවරයෙකු ශ්‍රී ලංකාව තුළ සිටීම රටට මහත් සම්පතක්…
ClimateNews19

ලෝකයේ සිදුවන කාලගුණික වෙනස්කම් පිළිබඳව මුලින්ම ප්‍රකාශ කළ හැකි විපක්ෂ නායකවරයෙකු ශ්‍රී ලංකාව තුළ සිටීම රටට මහත් සම්පතක්…

June 16, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01විපක්ෂ නායකවරයා ලෝකයේ කාලගුණික වෙනස්කම් පිළිබඳ ප්‍රකාශ කරයි.
  2. 02කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍යගේ ප්‍රකාශයක්.
  3. 03රජය කාලගුණික තත්වයන්ට සහය වීම සූදානම්.
  4. 04විපක්ෂ නායකයා රටට සහ විදේශයට උපකාර කරයි.
  5. 05ලිපි විශේෂඥයන් ද කාලගුණ වෙනස්කම් පිළිබඳ අවධානයෙන් සිටිති.
  6. 06කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද නිරන්තර අවධානයෙන් සිටි.

ලෝකයේ සිදුවන කාලගුණික වෙනස්කම් පිළිබඳව මුලින්ම ප්‍රකාශ කළ හැකි විපක්ෂ නායකවරයෙකු ශ්‍රී ලංකාව තුළ සිටීම රටට මහත් සම්පතක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ධුරයේ රැඳී සිටිමින් ශ්‍රී ලංකාවට පමණක් නොව අනෙකුත් රටවලටද මෙවැනි කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් උපකාර සිදු කරන්නෙ නම් ඊට අවශ්‍ය සහාය ලබාදීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළා. එල් නිනෝ කාලගුණික තත්ත්වය පිළිබඳව විපක්ෂ නායකවරයා රට සහ රජය දැනුවත් කර ඇති පසුබිමක ඊට මුහුණ දීමට රජය ගෙන ඇති පියවර මොනවාදැයි අද (16) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදියෙකු විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, එල් නිනෝ තත්ත්වය පිළිබඳව මුලින්ම ප්‍රකාශ කරනු ලැබුවේ විපක්ෂ නායකවරයා විසින් බවට ඔහු පවසන තෙක් තමන් ඇතුළු රජය ඒ පිළිබඳව දැනුවත්ව නොසිටි බවයි. කෙසේවෙතත්, මෙරට අමාත්‍යාංශ සහ අදාළ රාජ්‍ය ආයතනවල සේවය කරනු ලබන නිලධාරීන්ට අමතරව විපක්ෂ නායකවරයාද මෙවැනි පාරිසරික සහ කාලගුණික වෙනස්වීම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවීම රටේ පැත්තෙන් ඉතා යහපත් තත්ත්වයක් බව නලින්ද ජයතිස්ස මහතා පෙන්වාදෙනවා. මෙම එල් නිනෝ කාලගුණික අවදානම සහ එහි බලපෑම් පිළිබඳව මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු විද්‍යාඥයන් සහ විශේෂඥ කණ්ඩායම් දීර්ඝ කාලයක සිට නිරන්තරයෙන්ම දැඩි අවධානයෙන් පසුවූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/sajith-the-first-to-speak-out-about-climate-change-is-an-asset-to-the-country-minister-nalinda/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
කාලගුණයශ්‍රී ලංකාවඅමාත්‍යවිපක්ෂපාරිසරික
BestWeb.lk Top Web 2026 June Qualified