Breaking
අලි -මිනිස් ගැටුම නවතන්න ක්‍රියාකාරී සැලැස්මක්
ClimateLankadeepa

අලි -මිනිස් ගැටුම නවතන්න ක්‍රියාකාරී සැලැස්මක්

June 16, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අලි - මිනිස් ගැටුම් කළමනාකරණයට ජාතික ක්‍රියාකාරී සැලැස්ම අනුමැතිය ලැබී තිබේ.
  2. 02ශ්‍රී ලංකාවේ 25 දිස්ත්‍රික්ක වලින් 19 භාවිතා සම්පූර්ණ වී ඇත.
  3. 032024 වන විට වන අලි 7,450 ක් පමණ සිටින බව ගණනය වී ඇත.
  4. 04අලි - මිනිස් ගැටුම් මිනිස් ජිවිත හා වන අලි මරණ සංඛ්‍යාව වැඩි වේ.
  5. 05නව ජාතික සැලැස්මක් නිර්මාණය කිරීමට අවශ්‍යතාවය හඳුනාගෙන ඇත.
  6. 06මැතිව් මණ්ඩලයෙන් යෝජනාව අනුමත කර ඇත.

(අංජුල මහික වීරරත්න)

අලි - මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනගහනයේ සිදු වූ වැඩිවීම, සංවර්ධන කටයුතු වල සිදු වූ වර්ධනය, වනාන්තර එළිපෙහෙළි කිරීම වැනි හේතු මත වන අලින්ගේ සාම්ප්‍රදායික සංක්‍රමණික මාර්ග අහිමි වීමේ සහ ඔවුන්ගේ වාසස්ථාන විනාශ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 න් දිස්ත්‍රික්ක 19ක් තුළ සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 341න් 134 ක් තුළ දීර්ඝ කාලයක සිට අලි - මිනිස් ගැටුම් අඛණ්ඩ හා සීඝ්‍ර ලෙස වර්ධනය වීම නිරීක්ෂණය කරනු ලැබ තිබේ.

2024 වර්ෂයේදී සිදු කරන ලද වන අලි සමීක්ෂණයට අනුව මෙරට වන අලි 7,450 ක් පමණ සිටින බව ගණනය කර ඇත. අලි - මිනිස් ගැටුම් හේතුවෙන් වාර්ෂිකව මිනිස් ජිවිත සහ වන අලි මරණ සැලකිය යුතු සංඛ්‍යාවක් සිදු වන බව වාර්තා වී තිබේ. එසේම, වන අලින් විසින් වර්ෂයකට සිදු කරනු ලබන දේපොළ හානි දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වේ. 2020 වසරේදී 'ශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ' සකස් කර ඇති නමුත්, වර්තමාන අලි - මිනිස් ගැටුම්වල තත්ත්වය එම කාලයට සාපේක්ෂව වෙනස් වී ඇති බැවින්, ඒ සඳහා නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, අලි - මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා වන නව ජාතික ක්‍රියාකාරී සැලැස්ම කෙටුම්පත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/අල-මනස-ගටම-නවතනන-කරයකර-සලසමක/101-693636
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
අලිමිනිස් ගැටුම්සඳහාජාතික සැලැස්මපරිසර
BestWeb.lk Top Web 2026 June Qualified