
දකුණු කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වූ වහාම එක්සත් ජනපද ගුවන් හමුදාවේ B-52 බෝම්බ හෙලන යානයක් කඩා වැටී තිබෙනවා. එලෙස කඩා වැටුණු ගුවන් යානයේ සිටි පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ රජයේ සිවිල් නිලධාරීන්, කොන්ත්‍රාත්කරුවන් සහ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත මිශ්‍ර කණ්ඩායමක්. මෙම අනකුර ඊයේ(15) සිදුව ඇති අතර යානය සාමාන්‍ය පරීක්ෂණ මෙහෙයුමක යෙදී සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා. මෙම යානය කඳවුරේ රේඩාර් නවීකරණ වැඩසටහනට සහාය වෙමින් සිටි බවත්, ගුවන්ගත වූ වහාම කඩා වැටී ගිනිගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
