Breaking
EPF සහ ETF වෙනස් කරනවාදැයි හොයන්න කමිටුවක්
BusinessNews19

EPF සහ ETF වෙනස් කරනවාදැයි හොයන්න කමිටුවක්

June 16, 2026·3 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01රජය, EPF සහ ETF සඳහා නෙවැත්තියක් පත් කිරීමට තීරණය කර ඇත.
  2. 02පාලන රාමුවක් සකස් කිරීමේ අරමුණ ප්‍රායෝගිකයි.
  3. 03ඇමතිවරයා, සාමාජිකයන්ට හානියක් නොඅව ඇතුළත් කරයි.
  4. 04මූල්‍ය කළමනාකරණය මධ්‍යම බැංකුවේ ප්‍රධාන කාර්ය නොවේ.
  5. 05අරමුදල් ආරක්ෂාව සේවකයන්ට නියෝජනය කිරීමෙන් පමණක් රැදී ඇත.
  6. 06ත‍්‍රිපාර්ශ්වික මණ්ඩලයක් සකසන්නා වූ විට රාජ්‍ය පාලනය නැතිවෙයි.
  7. 07අනෙක් ආණ්ඩු යෝජනා නිසා සේවකයන්ට පවතින තැතිගැන්ම.

සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) සඳහා දැනට පවතින වෙන් වෙන් පාලන හා පරිපාලන ව්‍යුහයන් හේතුවෙන් පද්ධති අතිපිහිත වීමක් මෙන්ම ප්‍රතිපත්තිමය දිශානතිය විසිරීමකට හා පළුදු වීමකට ලක්ව ඇති බැවින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ඒකාබද්ධ පාලන රාමුවක් සැකසීමේ ශක්‍යතාව පරීක්ෂා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, මෙමඟින් සාමාජිකයන්ට කිසිදු හානියක් සිදු නොවන අතර, අරමුදල්වල සාමාජිකයන්ට හිමි ප්‍රතිලාභ තවදුරටත් වැඩි කිරීම සඳහා ගෙන ආ ඉතාම සාධනීය යෝජනාවක් බවයි. මෙම අරමුදල් ද්විත්වය එකම ව්‍යුහයක් යටතට ගැනීමට කටයුතු කරන්නේද සහ එමඟින් සාමාජිකයන්ට හානියක් හෝ මුදල් විදේශයන්හි ආයෝජනය කිරීමක් සිදුවන්නේද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ අරමුදල් කළමනාකරණය කිරීම සාමාන්‍යයෙන් මධ්‍යම බැංකුවක ප්‍රධාන කාර්යයක් නොවන බවයි. එහෙත් රට තුළ විකල්ප ආයතනික ධාරිතාවක් නොතිබූ වටපිටාවක සේවක අර්ථසාධක අරමුදලේ මූල්‍ය කළමනාකරණ වගකීම ඓතිහාසිකව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී තිබූ බව පෙන්වා දුන් නලින්ද ජයතිස්ස මහතා, නව යෝජනාව හරහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුව ත්‍රිපාර්ශ්වික පාලන ව්‍යුහයක් ගොඩනැඟීම රජයේ අපේක්ෂාව බව සඳහන් කළා. අරමුදල් සංවර්ධනය කර ප්‍රතිලාභ ලබාදිය යුතු කවර ආකාරයකටද යන්න පත්කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ නිර්දේශ මත තීරණය වන බවද ඔහු පවසනවා. පසුගිය ආණ්ඩුවල විවිධ යෝජනා නිසා සේවකයන් තුළ පවතින තැතිගැන්ම සහ මෙම ත්‍රිපාර්ශ්වික මණ්ඩලයේ සැබෑ අරමුණ කුමක්දැයි මාධ්‍යවේදියා මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම පියවර හරහා අරමුදල්වල සැබෑ අයිතිය සේවකයන්ටම හිමිවන බවයි. රජය, සේවා යෝජකයන් සහ සේවකයන් නියෝජනය වන පරිදි පිහිටුවන ත්‍රිපාර්ශ්වික මණ්ඩලයකට පාලන ව්‍යුහය පැවරීමෙන් පසු, අවශ්‍ය අවශ්‍ය ආකාරවයට අරමුදල් පරිහරණය කිරීමට රජයකට පවතින අවස්ථාව සම්පූර්ණයෙන්ම අහෝසි වන බව නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මෙය පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් මෙන්ම වෘත්තීය සමිති කාලයක සිට කළ අඛණ්ඩ ඉල්ලීමක් බව පෙන්වා දුන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා, අරමුදල්වල ආරක්ෂාව රැඳී ඇත්තේ සේවක නියෝජනය වැඩිවීම තුළ පමණක් බව රජය පිළිගන්නා බවත්, කලින් රජයන් සිදුකළ අත්තනෝමතික ක්‍රියාවන් අනාගතයේදී කිසිවෙකුටත් සිදුකළ නොහැකි වන පරිදි සේවකයන්ගේ වැඩි නියෝජනයක් සහිතව මෙම පාලන ව්‍යුහය සකසන බවත් වැඩිදුරටත් කියා සිටියා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/committee-to-investigate-whether-epf-and-etf-will-be-changed/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
EPFETFසමාජ ආරක්ෂණරජයත‍්‍රිපාර්ශ්වික
BestWeb.lk Top Web 2026 June Qualified