Breaking
විදෙස්ගත ලාංකිකයින්ගේ පැමිණිලි බාර ගන්න ඇප් එකක්
WorldLankadeepa

විදෙස්ගත ලාංකිකයින්ගේ පැමිණිලි බාර ගන්න ඇප් එකක්

June 16, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01LankaKonect යෙදුම ආරම්භය ක්ෂණික සම්බන්ධතාංශය වෙත.
  2. 02විදේශ නොමිලේ සේවක ඉදිරිපත් කළ හැක.
  3. 03පැමිණිලි හඩපට හා වීඩියො මගින් ඇත.
  4. 04ජාත්‍යන්තර ගෘහ සේවක දිනයේදී හඳුන්වාදීම.
  5. 05ලිකිත පැමිණිලි පවත්වාගෙන යාම.
  6. 06සියළු ලෝක රටවල් සඳහා භාවිතා කළ හැක.
  7. 07Mobile App එක Google Play හා Apple App Store හි ඇත.

(අංජුල මහික වීරරත්න)

විදේශ රැකියාවල නියුතු ශ්‍රි ලාංකික විගමණික ශ්‍රමිකයින් හට ඉතා ඉක්මණින් හා පහසුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සම්බන්ධ වී සිය පැමිණිලි හා සේවා ස්ථානයේ ගැටළු යොමුකිරීම සඳහා LankaKonect නම් නව ජංගම දුරකථන යෙදවුමක් (Mobile app) හඳුන්වා දී තිබේ.

මෙම පැමිණිලි කළමණාකරණ ජංගම දුරකථන යෙදවුම (Complaint Management Application-CMA) විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවති උත්සවයකදී ජනගත කරන ලදී. අද (16) දිනට යෙදී ඇති ජාත්‍යන්තර ගෘහස්ථ සේවක දිනය නිමිත්තෙන් මෙම යෙදවුම හඳුන්වාදීම විශේෂත්වයකි.

මෙම යෙදවුම ඉංග්‍රිසි, සිංහල හා දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම භාවිතා කළ හැකි අතර, විගමණික ශ්‍රමිකයින්ට තමා රැකියාව කරන ස්ථානයේ හෝ රැකියාවේ යම් ප්‍රශ්නයක් තිබේ නම් මෙම යෙදවුමට පිවිස සෘජුවම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකියි. (Online Complain) එසේම අධ්‍යාපනය හා පදිංචිය සඳහා විදේශ ගතවී සිටින ශ්‍රි ලාංකිකයෙකු නම් සෘජුවම විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත මෙම යෙදවුම ඔස්සේ පැමිණිල්ල යොමුකළ හැකිය. පැමිණිලි ලිඛිතව පමණක් නොව, හඩපට (Voice Clips) හා වීඩියෝ දර්ශන (Video Clips) මගින්ද මෙම යෙදවුම හරහා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබේ.

මෙරට පමණක් නොව ලෝකයේ ඕනෑම රටකදී මෙම යෙදවුම එකලෙසම භාවිතා කිරීමට හැකියාව පවතින අතර, තමන් ඉදිරිපත් කළ පැමිණිල්ලේ වර්තමාන තත්ත්වයද මෙම යෙදවුම හරහා ඉතා පහසුවෙන් පරික්ෂා කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා එක්ව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූල්‍ය දායකත්වය යටතේ, ශ්‍රි ලංකා මොබිටෙල් ආයතනය විසින් මෙම ජංගම දුරකථන යෙදවුම නිර්මාණය කරන ලද අතර, Google Play Store හා Apple App Store යන මාර්ගවලින් මෙම යෙදවුම අද සිට නොමිලේ භාගත කරගත හැකිය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/වදසගත-ලකකයනග-පමණල-බර-ගනන-ඇප-එකක/1-693653
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
LankaKonectවිදේශ සේවාජංගම යෙදුම්පැමිණිලි කළමනාකරණයශ්‍රී ලංකාව
BestWeb.lk Top Web 2026 June Qualified