Breaking
යෝෂිත අභියාචනාධිකරණයට
WorldNews19

යෝෂිත අභියාචනාධිකරණයට

June 16, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01යෝෂිත රාජපක්ෂ අභියාචනාධිකරණයට පැමිණ ඇත.
  2. 02මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නඩුවක් පැවැත්වේ.
  3. 03නීතිපතිවරයා විසින් 'කුමන්ත්‍රණය' චෝදනාවක් ඇත.
  4. 04පැමිණිල්ලක් ඉදිරිපත් කරනුයේ විනිසුරු මඩුලක් ඉදිරියේය.
  5. 05නීතිපතිවරයාට විමසීම් පවත්වනවා.
  6. 06නීතිඥයන්ගේ තර්ක මගින් නඩුව පවත්වා ගැනීමට උත්සාහ කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මේ වනවිට අභියාචනාධිකරණයට පැමිණ තිබෙනවා. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ ‘කුමන්ත්‍රණය’ නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔහු විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද (16) විභාගයට ගන්නා බැවින් එයට සහභාගී වීම සඳහා ඔහු මෙලස අභියාචනාධිකරණයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිතයි. මීට පෙර මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සිය සේවා දායකයා සමඟ ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවක් විත්තිකරුවන් වශයෙන් නම් කර තිබුණද පසුව ඩේසි ෆොරස්ට් නමැති කාන්තාව නීතිපතිවරයා විසින් නිදහස් කළ බවත් එසේ තිබියදී තම සේවා දායකයාට පමණක් “කුමන්ත්‍රණය” නැමැති චෝදනාව පවත්වාගෙන යාම නීතියට පටහැණි බවත් නීතිඥවරයා තර්ක කර තිබුණා. එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එක් විත්තිකරුවෙකුට වුවද “කුමන්ත්‍රණය” නැමැති චෝදනාව පවත්වාගෙන යාමට හැකි බව අවධාරණය කළ අතර ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් අද දිනයේදී පූර්ණ විභාගයක් පවත්වන බව අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/yoshitha-to-the-court-of-appeal/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
රාජපක්ෂඅභියාචනාධිකරණයනීතිමුදල් විශුද්ධිකරණයකුමන්ත්‍රණය
BestWeb.lk Top Web 2026 June Qualified