Breaking
පෞරාණික පාෂාණයක් විකුණන්න ගිහින් මාට්ටු
WorldLankadeepa

පෞරාණික පාෂාණයක් විකුණන්න ගිහින් මාට්ටු

June 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01මුලතිව් ප්‍රදේශයේදී පැවතුම් කරන පාෂාණයක කොටසක් අත්අඩංගුවට ගත්තා.
  2. 02සැකකරුවන් පස්දෙනකු සමඟ මෝටර් රථය වැටුණු බව පුල්මුඩේ පොලීසිය කිවේ.
  3. 03සැකකරුවන් ත්‍රිකුණාමලයේ පදිංචිකරුවන් වෙති.
  4. 04පාෂාණය විකුණා ගැනීමට ගමන් කර සිටියදී අත්අඩංගුවට පත්වී.
  5. 05අදාල කරුණු පරික්ෂා කිරීමට කුච්චවේලි අධිකරණයට ඉදිරිපත් කරනු ඇත.
  6. 06පුර්වාචයේ පුරාවිද්‍යා වාර්තාවක් කැඳවා ගැනීමට යෝජනා කර ඇත.

(අමදෝරැ අමරජීව)

පෞරාණික වටිනාකමක් ඇතැයි සැක කරන පාෂාණයක කොටසක් විකිණීම සඳහා මුලතිව් ප්‍රදේශයට රැගෙන ගොස් ආපසු පැමිණෙද්දී තෙන්නමරවාඩි ප්‍රදේශයේදී සැකකරුවන් පස්දෙනකු සමග ඔවුන් ගමන් ගත් මෝටර් රථය හා සැකකටයුතු පාෂාණමය කොටස අත්අඩංගුවට ගත් බව පුල්මුඩේ පොලිසිය කියයි.

පුල්මුඩේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල තිලක් බණ්ඩාර මහතාට ලද තොරතුරකට අනුව මුලතිව් සිට ත්‍රිකුණාමලය බලා ගමන් ගත් මෝටර් රථය සමඟ සැකකරුවන් පස්දෙනා පෞරාණික පාෂාණමය කොටස සමඟ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවන් ත්‍රිකුණාමලයේ පදිංචිකරුවන් වන අතර මෙම පාෂාණමය කොටස මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයකුට විකිණීමට රැගෙන ගොස් එය ගැනුම්කරු විසින් මිලදි නොගැනීම නිසා ආපසු රැගෙන එද්දී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරුවන් කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙහි පෞරාණික බව සම්බන්ධයෙන් අධිකරණ අවසරය මත පුරාවිද්‍යා වාර්තාවක් කැඳවීමටද නියමිතය. පුල්මුඩේ සහකාර පොලිස් අධිකාරී චරිත ඒ.බි. ජයසුන්දර මහතාගේ උපදෙස් මත පුල්මුඩේ පොලිස් ස්ථානාධිපති අනිල තිලක් බණ්ඩාර මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/පරණක-පෂණයක-වකණනන-ගහන-මටට/1-693654
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
පොලිසියසැකකරුවන්පාෂාණඅත්අඩංගුව
BestWeb.lk Top Web 2026 June Qualified