Breaking
පැය 19ක ජල කප්පාදුවක්
WorldNews19

පැය 19ක ජල කප්පාදුවක්

June 16, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ගම්පහ දිස්ත්‍රික්කයේ ජල සැපයුම තාවකාලිකව නතර වේ.
  2. 02ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
  3. 03අත්තනගල්ල කරස්නාගල පැවැත්වෙන අලුත්වැඩියාව හේතුවෙන් මෙය සිදුවේ.
  4. 04ජල කප්පාදුව අද උදෑසන 8.00 සිට ක්‍රියාත්මක වේ.
  5. 05හෙට අලුයම 3.00 දක්වා පැය 19 ක කාලයක් දිගු වේ.
  6. 06ගම්පහ සහ සම්බන්ධ ප්‍රදේශ වලට ආසාදිතය.
  7. 07වැලිවේරිය, බැලුම්මහර, රතුපස්වල හා අස්ගිරියට බලපෑම.
  8. 08නිවාස යෝජනා ක්‍රම සහ වෙනත් ප්‍රදේශ ද ඇතුළුවයි.

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ රැසක ජල සැපයුම තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා. ඒ අත්තනගල්ල කරස්නාගල පිහිටි ජල පිරිපහදු මධ්‍යස්ථානයේ සිදුකරනු ලබන හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්. මෙම ජල කප්පාදුව අද (16) උදෑසන 8.00 සිට ක්‍රියාත්මක වන අතර හෙට අලුයම 3.00 දක්වා පැය 19 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. මේ අනුව පහත සඳහන් ප්‍රදේශ සහ ඒ අවට කලාප වෙත ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ගම්පහ මහනගර සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වැලිවේරිය, බැලුම්මහර සහ රතුපස්වල මිනුවන්ගොඩ, අස්ගිරිය, උඩුගම්පළ සහ ඕපාත මීට අමතරව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරන පරිදි පහත ප්‍රදේශවලටද මෙම ජල කප්පාදුව බලපානු ඇති. රන්පොකුණුගම නිවාස යෝජනා ක්‍රමය ඌරාපොල, අත්තනගල්ල, බටලීය සහ වතුපිටිවල නිට්ටඹුව, වේයන්ගොඩ සහ කලගෙඩිහේන තිහාරිය, නයිවල සහ ඒ අවට ප්‍රදේශ

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/19-hour-water-cut/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
ජල සැපයුමගම්පහඅලුත්වැඩියාව
BestWeb.lk Top Web 2026 June Qualified