
උඩවලව නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට හෙට(17) දිනයේ පැය 13ක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව උඩවලව නගරය සහ RET නගර සීමාව ආශ්‍රිත ප්‍රදේශවලට හෙට (17) බදාදා පෙරවරු 9.00 සිට එදින පස්වරු 10.00 දක්වා පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ. උඩවලව ජල සම්පාදන යෝජනා ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තාවකාලික ජල සැපයුම් අත්හිටුවීම සිදු කරනු ලබනවා. මෙම කාලය තුළ පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කණගාටුව පළ කරන අතර ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
