Breaking
ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජනපතිට
BusinessLankadeepa

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජනපතිට

June 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 012026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජනාධිපතිට බාර දුන්නේය.
  2. 02මෙම සැලැස්ම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ අංගයක් වේ.
  3. 03ආසියානු සංවර්ධන බැංකුවේ සහාය සහිතව සැලසුම් කළේය.
  4. 04සැලැස්ම කර්මාන්ත අමාත්‍යවරයා විසින් පිළිගැනීමට යෝජනා කරන ලදී.
  5. 05මැයි 4 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
  6. 06මෙම සැලැස්ම විශේෂඥයන්ගේ හා සංවර්ධන හවුල්කරුවන්ගේ එකඟතාවකින් නිර්මාණය කළය.
  7. 07අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමයි අරමුණ.

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපති කාර්යාලයේදී අද (16) බාර දුන්නේය.

2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) යනු 2025 අයවැය යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිමය මඟපෙන්වීමට අනුකූලව, රටේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ අපනයනය මූලික කර ගත් තිරසර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම අරමුණු කර ගනිමින් සකස් කරන ලද ප්‍රධාන ජාතික වැඩසටහනකි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නායකත්වය යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රතිපත්ති පාදක ණය (PBL) වැඩසටහන මගින් ලබා දුන් තාක්ෂණික සහාය ඇතිව මෙම උපායමාර්ගික සැලැස්ම සකස් කර ඇත. මෙම සැලැස්ම රජයේ ප්‍රධාන ආයතන, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව සහයෝගයෙන් සිදු කරන ලද පුළුල් උපදේශන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.

මෙම 'ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2026-2030' ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා වූ නිල උපායමාර්ගික රාමුව ලෙස පිළිගැනීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව 2026 මැයි 4වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. රජයේ ආයතන, පෞද්ගලික අංශයේ විශේෂඥයන් සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ පොදු එකඟතාවෙන් මෙම සැලැස්ම සකස් වී ඇත.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/ජතක-අපනයන-සවරධන-සලසම-ජනපතට/1-693646
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ආර්ථිකඅපනයනයසංවර්ධනශ්‍රී ලංකාවපැලසුම
BestWeb.lk Top Web 2026 June Qualified