
ලෝකයේ සිදුවන කාලගුණික වෙනස්කම් පිළිබඳව මුලින්ම ප්‍රකාශ කළ හැකි විපක්ෂ නායකවරයෙකු ශ්‍රී ලංකාව තුළ සිටීම රටට මහත් සම්පතක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ධුරයේ රැඳී සිටිමින් ශ්‍රී ලංකාවට පමණක් නොව අනෙකුත් රටවලටද මෙවැනි කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් උපකාර සිදු කරන්නෙ නම් ඊට අවශ්‍ය සහාය ලබාදීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළා. එල් නිනෝ කාලගුණික තත්ත්වය පිළිබඳව විපක්ෂ නායකවරයා රට සහ රජය දැනුවත් කර ඇති පසුබිමක ඊට මුහුණ දීමට රජය ගෙන ඇති පියවර මොනවාදැයි අද (16) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදියෙකු විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, එල් නිනෝ තත්ත්වය පිළිබඳව මුලින්ම ප්‍රකාශ කරනු ලැබුවේ විපක්ෂ නායකවරයා විසින් බවට ඔහු පවසන තෙක් තමන් ඇතුළු රජය ඒ පිළිබඳව දැනුවත්ව නොසිටි බවයි. කෙසේවෙතත්, මෙරට අමාත්‍යාංශ සහ අදාළ රාජ්‍ය ආයතනවල සේවය කරනු ලබන නිලධාරීන්ට අමතරව විපක්ෂ නායකවරයාද මෙවැනි පාරිසරික සහ කාලගුණික වෙනස්වීම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවීම රටේ පැත්තෙන් ඉතා යහපත් තත්ත්වයක් බව නලින්ද ජයතිස්ස මහතා පෙන්වාදෙනවා. මෙම එල් නිනෝ කාලගුණික අවදානම සහ එහි බලපෑම් පිළිබඳව මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු විද්‍යාඥයන් සහ විශේෂඥ කණ්ඩායම් දීර්ඝ කාලයක සිට නිරන්තරයෙන්ම දැඩි අවධානයෙන් පසුවූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
