Breaking
ආසියා සංවර්ධන බැංකුව දෙන ණය ඉහලට
BusinessLankadeepa

ආසියා සංවර්ධන බැංකුව දෙන ණය ඉහලට

June 16, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ආසියා සංවර්ධන බැංකුවෙන් ණය පහසුකම් අනුමැතිය.
  2. 022026 හෝ අවුරුද්ද තුළ ණය සඳහා අනුමැතිය ලැබී ඇත.
  3. 03ඉහළ පරිමාව - ඩොලර් මිලියන 380.
  4. 04මිලියන 100ක් වෙළෙඳ හා ආයෝජන වැඩසටහනට වෙන්.
  5. 05මැද පෙරදිග අර්බුදය නිසා රටේ ආර්ථික අවිනිශ්චිතතා.
  6. 06අතිරේක මූල්‍ය කරණ පැකේජය යෝජනා කර ඇත.
  7. 07ජනාධිපති සේම යෝජනා අනුමත කළ බවයක්.
  8. 08ඇසියානු සංවර්ධන බැංකුව ප්‍රධාන සහාය වෙයි.

(අංජුල මහික වීරරත්න)

ප්‍රතිපත්ති පාදක ණය පහසුකම් - 2026 යටතේ ආසියා සංවර්ධන බැංකුව විසින් ලබා දෙනු ලබන ණය මුදල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති පාදක ණය මඟින් 2026 වර්ෂය තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 380 ක් ලබා ගැනීම සඳහා 2026-03-16 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබේ.

එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහන උප වැඩසටහන 1 සඳහා වෙන් කර ඇත. කෙසේ වුවද, වත්මන් මැද පෙරදිග අර්බුදය සහ දේශගුණික කම්පන හේතුවෙන් පැන නඟින ආර්ථික අවිනිශ්චිතතාව හමුවේ එකී උපවැඩසටහන යටතේ වන ණය මුදල, ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක අතිරේක මූල්‍ය කරණ පැකේජයක් හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් දක්වා වැඩි කිරීම මඟින් සහාය දැක්වීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇත.

ඒ අනුව, එකී ණය මුදල ලබා ගැනීමට අදාළ ඉදිරි පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/ආසය-සවරධන-බකව-දන-ණය-ඉහලට/1-693631
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ආර්ථිකබැංකුමූල්‍යනිවසනොමිලේ
BestWeb.lk Top Web 2026 June Qualified