
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටය තම ගුවන් කලාපය තාවකාලිකව වසා දමා ඇති බව අද (11) විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ හේතුවෙන් කුවේට් වෙත පැමිණීමට තිබූ ගුවන්යානා වෙනත් ගුවන්තොටුපළවල් වෙත හරවා යැවීමට කටයුතු කර ඇති බව සඳහන් වනවා මේ අතර අද අලුයම කුවේට් සහ බහරේනයේ අමෙරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් දියත් කළ බව ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයින් පවසා තිබුණා.
