Breaking
වෙන ජනාධිපති කෙනෙක් පත් කරලා හරි අපට ඕන දේ කරගන්නවා – කස්සප
WorldNews19

වෙන ජනාධිපති කෙනෙක් පත් කරලා හරි අපට ඕන දේ කරගන්නවා – කස්සප

October 19, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ලබා නොදුන්නාම, වෙනත් ජනාධිපතිවරයෙකු පැමිණෑමට සැලසුමක්.
  2. 02බලංගොඩ කස්සප හිමියන්, විරෝධතාවයකදී මේ තොරතුරු ප්‍රකාශ කළා.
  3. 03පූජ්‍ය මහමෙව් නැතිවීම සහ වෙනුවට විරෝධතාවයට එක්වීම.
  4. 04ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමේ අරමුණ.
  5. 05රජය භික්ෂූන්ගේ විරෝධතා වැරදි අවබෝධයකින් පසුදකි.
  6. 06ජනාධිපතිවරයා මුරණ්ඩුකම නිසා වෙනත් විකල්ප සොයාගන්නා අවශ්‍යතාව.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපතිවරයා සමාව ලබා නොදෙන්නේ නම්, වෙනත් ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම පිළිබඳව සලකා බැලීමට සිදුවනු ඇතැයි බලංගොඩ කස්සප හිමි පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, ඊයේ (18) රාත්‍රියේ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වෙන විරෝධතාවට එක්වෙමින්. පසුගිය 17 වැනිදා රෝහල්ගතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ යළිත් ඊයේ එම විරෝධතාවට එක්වුණා. උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළේ, මේ වන විට සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොන්දේසි විරහිතව නිදහස් කර ගැනීම මෙම විරෝධතාවයේ ප්‍රධාන අරමුණ බවයි. මෙම විරෝධතාව සම්බන්ධයෙන් රජය වැරදි අවබෝධයකින් පසුවන බවත්, භික්ෂූන් වහන්සේලා රජය පෙරළීමේ උත්සාහයක නිරත වන බවට රජය සිතන බවත් සඳහන් කළා. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ, “ජනාධිපතිවරයා දිගින් දිගටම මුරණ්ඩු ලෙස කටයුතු කරනවා නම් සහ උන්වහන්සේ නිදහස් කර ගැනීමට වෙනත් නීත්‍යනුකූල ක්‍රමයක් නොමැති නම් අපිට වෙන මොනවා කරන්නද? වෙන ජනාධිපතිවරයෙකු පත් කරලා හරි අපිට ඕන වැඩේ කරගන්න..”

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/we-can-do-whatever-we-want-even-if-we-appoint-another-president-kassapa/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
විරෝධතාජනාධිපතිනිදහසමහමෙව්අයිතිවාසිකම්
BestWeb.lk Top Web 2026 June Qualified