Breaking
කාවන්තිස්ස ඇත් රජු ඝාතනයට හයක් සැකපිට
WorldLankadeepa

කාවන්තිස්ස ඇත් රජු ඝාතනයට හයක් සැකපිට

October 19, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01කාවන්තිස්ස හස්තියා වෙඩි තබා ඝාතනය වී ඇත.
  2. 02සැකකරුවන් හය දෙනෙකුගෙන් ගිනි අවි සහ උණ්ඩ 24ක් අත්අඩංගුවට ගනු ලැබිණ.
  3. 03අත්අඩංගුවට ගත් පුද්ගලයන් 34 සිට 67 කුතාවේ ය.
  4. 04නිලධාරියා මීට මාස හතරකට පෙර ඩයනා නමැති වනජීවියෙකු ඝාතනය කර ඇත.
  5. 05කීලෝ තුනක් මුව මස් හා ඉත්තෑ මස් සහිතයි.
  6. 06සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ගල්ගමුවට යවන ලදී.

ගයාන් සූරිය ආරච්චි

ලංකාවේ විශාලම වන අලියෙකු ලෙස සැලකෙන කාවන්තිස්ස හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු ගිනි අවි දෙකක් සහ උණ්ඩ 24 ක් සමග අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකාය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචි 34 ත් 67 ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් පිරිසකි.

අත්අඩංගුවට ගත් නිපුණතා සංවර්ධන නිලධාරියා මීට මාස හතරකට පමණ පෙර එම වනාන්තරයේ විසූ ඩයනා නමැති ඇතින්නටද වෙඩි තබා ඝාතනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී මුව මස් කිලෝ තුනක්, ඉත්තෑ මස් කිලෝවක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ගල්ගමුව වනජීවී කාර්යාලය වෙත භාරදී ඇත.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/කවනතසස-ඇත-රජ-ඝතනයට-හයක-සකපට/1-699392
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
වන්ජාවඅභීත විමර්ශනනීතිප්‍රදේශීය නිලධාරී
BestWeb.lk Top Web 2026 June Qualified