Breaking
නාමල් අත්අඩංගුව‌ට ‌ගැනීම එජාපය හෙළා දකියි
WorldNews19

නාමල් අත්අඩංගුව‌ට ‌ගැනීම එජාපය හෙළා දකියි

September 4, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත.
  2. 02යෝජිත ජනතා රැස්වීම කඩාකප්පල් කිරීමට අලෙවි වී ඇත.
  3. 03අනුරාධපුරේ ජනතා රැස්වීම සැප්තැම්බර් 12ට නියමිතව තිබුණි.
  4. 04ප්‍රජාතන්ත්‍රවාද අයිතිවාසිකම ක්‍රියාවලියට බාධා වේ.
  5. 05වर्तमान ආණ්ඩුවට ජනතා සහයෝගය අඩුවී පවති.
  6. 06ජනතා නායකයින්ට යහපත් ප්‍රසාදය පැවැත්වීමට අමතර වැදගත්කමක් ඇත.

නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය දැඩි පිළිකුළින් යුතුව හෙළාදකින බව එම පක්ෂය පවසනවා. එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැස්වීම කඩාකප්පල් කිරීමේ අරමුණින් බවයි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට රට වටා ගොස් රැස්වීම් පැවැත්වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නාමල් රාජපක්ෂ මහතාටද හිමි බව එම පක්ෂය සඳහන් කරනවා. එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම උදුරා ගැනීම නූතන ශිෂ්ට සම්පන්න සමාජය කිසිසේත් අනුමත නොකරන බවද එක්සත් ජාතික පක්ෂය පවසනවා. එවැනි ක්‍රියා හේතුවෙන් වත්මන් ආණ්ඩුවට ජනතා සහයෝගය දිනෙන් දින පිරිහෙමින් පවතින බවද එම නිවේදනයේ සඳහන්. අත්අඩංගුවට ගැනීම් හරහා ජනතා නායකයින්ට ඇති ප්‍රසාදය නැති කළ නොහැකි බව රජයට අවධාරණය කරන බවද එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් සඳහන් කරනවා. එම නිවේදනය පහතින්, Special-Statement_20260904_140120_733 Download

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/unp-condemns-namals-arrest/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
නාමල් රාජපක්ෂආණ්ඩුඑක්සත් ජාතික පක්ෂය
BestWeb.lk Top Web 2026 June Qualified