Breaking
චීනාගේ ඝාතනයේ ප්‍රධාන සැකකාර චීනා මාට්ටු
WorldLankadeepa

චීනාගේ ඝාතනයේ ප්‍රධාන සැකකාර චීනා මාට්ටු

September 4, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01කොළඹ වරායේ චීන ජාතිකයෙකු ඝාතනය කර, නැවත අත්අඩංගුවට ගන්නා ලදී.
  2. 02සැකකරු ඝාතනයට 43 දිනකින් අත්අඩංගුවට ගෙන තිබේ.
  3. 03මෙම සිද්ධියට සම්බන්ධ තවත් චීන ජාතිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
  4. 04මළ සිරුරක් 23 දිනේ පමණක් සොයාගෙන ඇත.
  5. 05මළ සිරුරේ කබොක් ගල් වලින් වසා තිබුණි.

(බිමල් ශ්‍යමන් ජයසිංහ)

කොළඹ වරාය නගරය තුළදී චීන ජාතිකයකු මෝටර් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කර කබොක් ගල් වලින් වසා පලා ගිය අපරාදයේ ප්‍රධාන සැකකාර චීන ජාතිකයා බොරු කොණ්ඩයක් පැළඳ වෙස් වලාගෙන සිටියදී දින 43 කට පසු වරාය නගරය තුළදීම අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

සැකකරු පැළඳ සිටි බොරු කොණ්ඩයද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම අපරාධයට සම්බන්ධ තවත් චීන ජාතිකයන් සිව් දෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි .

ඇහැලියගොඩ ‍ කරදන පොලිස් මුර පොලේ නිලධාරීන් කණ්ඩායමක් පොලිස් මුරපොලේ සිට ගැටහැත්ත දෙසට වන්නට පිහිටි රඹුටන් වගා කර ඇති ඉඩමක ගරා වැටී ඇති නිවසක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් ඉකුත් ජූලි මස 23 වෙනිදින සොයාගෙන තිබිණි.

ඒ වනවිට එම මළසිරුර කබොක් ගල්වලින් වසා තිබී ඇති අතර සැක සහිත සුඛෝභෝගී මෝටර් රථයක් නුගදණ්ඩ කෝවිල අසල මාර්ගයේ තිබී එදිනම හමුවී තිබුණි.

සිදුකළ මූලික විමර්ශනවලදී එය මනුෂ්‍ය ඝාතනයක් බවත් එය චීන ජාතිකයකුගේ බවත් අනාවරණය වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශන වලදී කොළඹ වරාය නගරය තුළදී පැහැරගෙන පැමිණි චීන ජාතිකයා බවට අනාවරණය වී තිබිණි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/චනග-ඝතනය-පරධන-සකකර-චන-මටට/101-697278
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
අපරාධකොළඹචීන ජාතිකධාවනඝාතනය
BestWeb.lk Top Web 2026 June Qualified