Breaking
කෝටි අටේ කොල්ලයේ මහ මොලකරු පොලිස් දැලේ
WorldLankadeepa

කෝටි අටේ කොල්ලයේ මහ මොලකරු පොලිස් දැලේ

September 4, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01තලවතුගොඩ යෝජිත ආයතනයකින් රුපියල් 08 කෝටි කෝල්ලයක්.
  2. 02අත්අඩංගුවට ගත් මහා මොලකරු විශේෂ පොලිස් කණ්ඩායමක්.
  3. 03තවත් තුනක් අත්අඩංගුවට ගෙන ඇත.
  4. 04මුදල් සහ රන් භාණ්ඩ කොල්ල වී ඇත.
  5. 05කොල්ලය සිදු වූ දින දහවල් සිදුවිය.
  6. 06කොල්ලකරුවන් සංචාරක ආයතනයට පහරදුන්හ.
  7. 07අත්අඩංගුවට ගත් මෝටර් රථය පෙර නැවත සොයා ගත්තා.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තලවතුගොඩ සංචාරක රැකියා නියෝජිත ආයතනයකින් රුපියල් කෝටි 08 කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ තොගයක් කොල්ල කෑ කල්ලියේ මහා මොලකරු විශේෂ පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ සමගම එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තිදෙනකුද සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවටට ගෙන ඇත.

ඔවුන් එම කොල්ලය සිදුවූ දින (01) දහවල් එම ස්ථානයට පැමිණි අයවලුන් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

රුපියල් හය කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් සහ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් වටිනා පවුම් 30 ක රන් භාණ්ඩ තොගයක් කොල්ලකා පලා ගොස් තිබිණි.

පැමිණි කොල්ලකරුවන් සංචාරක නියෝජිත ආයතනයේ දේපළවලට දිගු මන්නා පීහි වලින් පහරදී දැඩි අලාභානි සිදු කර තිබිනි.

කොල්ලයට පැමිණි මෝටර් රථය අතුරුගිරිය ප්‍රදේශයේදී දින කීපයකට පෙරදී සැරිසරා ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/කට-අට-කලලය-මහ-මලකර-පලස-දල/101-697280
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
කොල්ලයපොලීසියතලවතුගොඩරන්මුදල්
BestWeb.lk Top Web 2026 June Qualified