Breaking
ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක්
WorldNews19

ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක්

September 4, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01දේශීය ටින් කළ මාළු සඳහා උපරිම සිල්ලර මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇත.
  2. 022003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ නියමිතයි.
  3. 03තාක්ෂණික ජනමාධ්‍යට ප්‍රකාශය කළ ඇත.
  4. 04දිවයිනේ මාළු වර්ග ප්‍රමාණය සහ මිල ගණන් නිවැරදිව සටහන් කර ඇත.
  5. 05නිවේදනය මඟින් නව ගනන් හෙට සිට ක්‍රියාත්මක වනු ඇත.
  6. 06ළඟම මිල ගණන් 220, 510, 240, 540, 260 සහ 600 රුපියල් පරීක්ෂා කර ඇත.

දේශීය ටින් කළ මාළු සඳහා උපරිම සිල්ලර මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 20 (5) වැනි වගන්තිය යටතේ ක්‍රියා කරමින් කිසිම දේශීය සාදන්නෙකු. අසුරන්නෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් පහත සඳහන් කර ඇති ටින් කළ මාළු වර්ග පහත සඳහන් උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළෙදාම් කිරීම, වෙළෙදාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළඳාම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට මෙයින් නියම කරනු ලබන බවයි. ඒ අනුව ග්‍රෑම් 155ක ටූනා ටින් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙස නියම කර තිබෙන අතර ග්‍රෑම් 425ක ටූනා ටින් එකක උපරිම මිල රුපියල් 510ක් වන අතර, ග්‍රෑම් 155ක මැකරල් ටින් එකක් රුපියල් 240කට අලෙවි කළ යුතුයි. එමෙන්ම ග්‍රෑම් 425ක මැකරල් ටින් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 540ක් ලෙස නියම කර තිබෙනවා. ජැක් මැකරල් ග්‍රෑම් 155ක ටින් එකක් රුපියල් 260කටත්, ග්‍රෑම් 425ක ටින් එකක් රුපියල් 600කටත් අලෙවි කළ යුතු බව ගැසට් නිවේදනයේ සඳහන්. මෙම නව උපරිම සිල්ලර මිල ගණන් හෙට (05) සිට ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා. එම ගැසට් නිවේදනය පහතින්, PG-7960-S_1788524144_20260904_150507_759 Download

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/maximum-retail-price-for-canned-fish-2/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
මාළුනිවේදනමිල ගණන්පාරිභෝගික කටයුතුසංවර්ධනය
BestWeb.lk Top Web 2026 June Qualified